සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරිපුර බාල පොහොර ජාවාරම් කරුගේ තවත් පොහොර තොගයක් අත් අඩංගුවට!

by editor
මැයි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් පොහොර තොගයක් කදුරුවෙල, අත්තනකඩවල සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවලින් 16 වෙනිදා ,සවස සොයාගැනීමට හැකි වූ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඒ අනුව එම ජාවාරම්කරුවා දෙහිඅත්තකණ්ඩිය අලෙවි නියෝජිතයාට ලබාදුන් බාල පෝර මිටි 250 ක්ද අත්තනකඩවල ප්‍රදේශයේ තිබී පොහොර මිටි 190 ක් ද සොයාගැනීමට හැකි වූ බව පොළොන්නරු කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොන්නරුව කදුරුවෙල නගරයෙ ජාවාරම්කරුට අයත් ලොරියක තිබී පොහොර තොගයක් පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහි තිබෙන පොහොර මිටි සංඛ්‍යාව නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ වෙළඳසැලට ජාවාරම්කරු විසින්ම ලබාදුන් බාල පොහොර මිටි 250 තිබෙන බවට වෙළඳසැල් හිමිකරු පොහොර ලේකම් කාර්යාලය, සහ පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය දැනුවත් කළ බවද පොලිසිය කියයි.

මාධ්‍ය හරහා මෙම බාල පෝර ජාවාරම හෙළිවීමත් සමග ජාවාරම්කරුවා සඟවා තිබෙන පොහොර සම්බන්ධ තොරතුරු ලැබෙමින් පවතින බවත්, ඒ අනුව විමර්ශන කටයුතු කරමින් එම පොහොර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ අතර ජාවාරම්කරුවාගෙන් ලබාගත් බාල පොහොර වී වගාවට යෙදීමෙන් වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, එහි අස්වැන්නද මෙවර නිශ්චිත වශයෙන් අඩුවන බැවින්, ජාවාරම්කරුවාට වහා නීතිය ක්‍රියාත්මක කරන්න ඔහු උපයා තිබෙන වත්කම් පොහොරවලින් පාඩු විඳි ගොවියාට වන්දි ලබා දිමේ ක්‍රමවේදයක් වහා සැකසීමට රජය වහා පියවර ගන්නා ලෙසත් මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප සභාපති කපිල සිරිල් පතිරණ සඳහන් කළේය.

මහවැලි බි කලාපීය ගොවීන් සඳහන් කරන්නේ මින් ඉදිරියට රජය මැදිහත් වී ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමට වැඩපිළිවෙළක් සකසන ලෙසය. එමෙන්ම මේ බාල පොහොර ජාවාරම්කරුවාට
එරෙහිව නීති ක්‍රියාත්මක කරන ලෙසද මහවැලි බි කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කර ඇත..

පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශනයට ලද තොරතුරක් අනුව පසුගිය 14 වෙනිදා සිදුකර වැටලීමේදී මෙම ජාවාරම්කරු ගේ සේවකයන් විසින් ඇසුරුම් කළ බාල පොහොර මිටි 1565 ක්, තවත් ඇසුරුම් බෑග් 13,000 කට අධික ප්‍රමාණයක් පොහොර පැටවීමට සූදානම් කර තිබූ ලොරි හතරක්, සහ ලේබල් කිරීමට යොදාගත් උපකරණ සහ පොලිතින් බෑග් මසන යන්ත්‍ර තුනක්, අත්අඩංගුවට ගනු ලැබුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන්න – – ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට කියයි!

Next Post

ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.