පාකිස්තාන හමුදාව ඉන්දීය හමුදා ස්ථානවලට ප්‍රහාර දියත් කළ බව පකිස්ථාන හමුදා අද (10) ප්‍රකාශ කළේය.
ඒ සමගම පකිස්ථාන සිවිල් ගුවන් සේවා ආයතනය නිවේදනය කළේ මෙම ප්‍රහාරවලින් පසු සෙනසුරාදා අලුයම 3:15 සිට අද දහවල් දක්වා තම ගුවන් අවකාශය සියලුම ගුවන් යානා සඳහා වසා දමන බවයි.
පාකිස්තාන හමුදාව මෙම සටන හඳුන්වා ඇත්තේ “බුන්යාන් මාර්සූස්” ලෙසය. ඉන්දිය හමුදාව තමන් දියත් කරන්නේ සින්දූර් මෙහෙයුම බව කියති. නම් දෙකක් දාගෙන එකම ඔවුන් එකම යුද්ධයකය.
පකිස්ථාන හමුදාව “බුන්යාන් මාර්සූස්” වචනය දළ වශයෙන් “ඊයම් පවුර” ලෙස පරිවර්තනය කර තිබේ. එය ඉන්දියාවේ සහ ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේ හමුදා ස්ථානවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර ලෙස විස්තර කර ඇත.
සින්දූර් යනු විවාහක කාන්තාවන් නළල මත තිලක තබන රතු පැහැති වර්ණක විශේෂය ය. ත්රස්තවාදීන් ඉන්දියානුවන් තෝරාගෙන කාන්තාවන් වෙන් කර පිරිමින් පමණක් ඝාතනය කරන්නේ බිරියන් ඉදිරියේය. ඒ සංවේගාත්මක අර්ථ දැක්වීම පසුබිමේ ඉන්දියාව මෙය සින්දූර් මෙහෙයුම ලෙස නම් කර තිබේ.
පකිස්ථාන ප්‍රහාරය

තමන් අද අලුයම එල්ල කළ ප්‍රහාරයට ඉන්දියාවේ උදම්පූර් නගරයේ ගුවන් කඳවුරක් සහ පතන්කොට් හි ගුවන් තොටුපළක් ඇතුළත් වන බව පකිස්ථානය පැවසුවේය.
ඉන්දියාවේ පන්ජාබ් පළාතේ බියාස් හි බ්‍රහ්මෝස් මිසයිල ගබඩා ස්ථානයක් ද ඉලක්ක කර ගත් බව පකිස්ථාන හමුදාව කීවේය.
ඉන්දියාවේ පරිපාලනයේ පවතින කාශ්මීරයේ රාජෝරි, පූන්ච් සහ ජම්මු දිස්ත්‍රික්ක ඉලක්ක කරගත් පකිස්ථාන ෂෙල් වෙඩි ප්‍රහාරවලින් දිස්ත්‍රික් කොමසාරිස්වරයෙකු සහ අවුරුදු දෙකක දරුවෙකු ඇතුළු අවම වශයෙන් පස් දෙනෙකු මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
පකිස්ථාන රාජ්‍ය මාධ්‍යයක් වන PTV ප්‍රකාශ කර ඇත්තේ බුන්යාන් මාර්සූස් හි කොටසක් ලෙස දියත් කරන ලද සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියට පහර දුන් බවය.
පකිස්ථාන හමුදාව පවසා ඇත්තේ අගමැති ෂෙබාස් ෂරීෆ් රටේ න්‍යෂ්ටික අවි ගබඩාවට අදාළ තීරණ ගන්නා ඉහළම සිවිල් සහ හමුදා ආයතනය වන ජාතික අණදෙන අධිකාරියේ රැස්වීමක් කැඳවා ඇති බවය.
මේ අතර ප්‍රහාර හේතුවෙන් රටේ උතුරු හා බටහිර ප්‍රදේශවල ගුවන්තොටුපළවල් 32 ක් තාවකාලිකව වසා දමන බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
බදාදා ඉන්දියාව දේශ සීමා හරහා මිසයිල දියත් කළ දා සිට මේ දක්වා පුද්ගලයින් 50 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ – ඔවුන්ගෙන් 33 දෙනෙකු පාකිස්තානයේ ය.
ඉන්දීය හමුදාවේ දැනුම් දීම

මේ අතර ඉන්දීය හමුදාව X පනිවිඩයක් නිකුත් කරමින් මෙසේ කීවේය.
“ඩ්‍රෝන ප්‍රහාර සහ අනෙකුත් අවි ආයුධ සමඟ පකිස්තානයේ පැහැදිලි උත්සන්න කිරීම අපගේ බටහිර දේශසීමා දිගේ දිගටම පවතී. එවැනි එක් සිදුවීමකදී, අද අලුයම 5 ට පමණ, අම්රිත්සර් හි කාසා කැන්ට් හරහා පියාසර කරන බහු සතුරු සන්නද්ධ ඩ්‍රෝන යානා දක්නට ලැබුණි. අපගේ ගුවන් ආරක්ෂක ඒකක විසින් සතුරු ඩ්‍රෝන යානා ක්ෂණිකව විනාශ කරන ලදී.”
“ඉන්දියාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට සහ සිවිල් වැසියන් අනතුරේ හෙළීමට පකිස්තානයේ නිර්ලජ්ජිත උත්සාහය පිළිගත නොහැකිය. #IndianArmy සතුරු සැලසුම් ව්‍යර්ථ කරනු ඇත.”
මේ අතර G7 ප්‍රධාන රටවල් හත්දෙනා ඉන්දියාව සහ පාකිස්තානය යන දෙපාර්ශවයම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අතර සෘජු සංවාදයක නිරත වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.







