සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිපිරෙන ගිනි කන්දක් පාමුල සිට….

by editor
මැයි 8, 2025
in පුවත්
කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය සහිත පූන්ච් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට කාලතුවක්කු උණ්ඩයක් පතිත වීමෙන් පසු දුමාරයක් නැඟේ

කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය සහිත පූන්ච් දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට කාලතුවක්කු උණ්ඩයක් පතිත වීමෙන් පසු දුමාරයක් නැඟේ

Share on FacebookShare on Twitter

යුද්ධය ඇවිලෙමින් යන්නේය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්  ඇන්ටෝනියෝ ගුටරෙස් න්‍යෂ්ඨික බලය සහිතව ඇවිලෙන රටවල් දෙකට කීවේ දෙවැනි ලෝක යුද්ධයේ ව්‍යසනය සිහි කරගෙන මේ ගැටුම නවත්වන ලෙසය. එහෙත් ඇහුම්කන් දෙන පාටක් නැත.

ඉන්දියාවට බිහිසුණු විපාක විඳින්නට වනු ඇති බවට පකිස්ථානය ඊයේ අනතුරු ඇඟවූයේය. අද පකිස්ථානය කීවේ
ලාහෝර් සහ කරච්චි ඇතුළු රටේ ප්‍රධාන නගර කිහිපයකට ඇතුළු වූ ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම හෙළුෑ බවය. ඉන්දීය ප්‍රහාරවලින් අවම වශයෙන් එක් සිවිල් වැසියෙකු මිය ගොස් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවත් පකිස්ථානය පැවසුවේය.

පකිස්ථානයේ කරච්චි නගරයට ආසන්නයේ දී, ඩ්‍රෝන යානයක් බිම හෙළීමෙන් පසු,

පැය කිහිපයකට පසු ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළේ පාකිස්තානයේ ගුවන් ආරක්ෂක රේඩාර් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ල කර ලාහෝර්හි එක් ආරක්ෂක පද්ධතියක් “උදාසීන” කළ බවය.

පාකිස්තානය ඉන්දියාවට සහ ඉන්දීය පරිපාලන කාශ්මීරයට ඩ්‍රෝන සහ මිසයිල මගින් එක රැයකින් පහර දීමට උත්සාහ කළ නමුත් ඒවා වෙඩි තබා බිම හෙළූ බවත් ඉන්දියාව කීවේය.

තත්වය ඉතා නොසන්සුන්ය. ඉස්ලාමාබාද්ට අනුව, ඉන්දියාව පකිස්ථානයට සහ පාකිස්තාන පරිපාලන කාශ්මීරයට මාරාන්තික මිසයිල ප්‍රහාර දියත් කිරීමෙන් දිනකට පසු, අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය ගොස් ඇත.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ඉන්දියාව සහ පකිස්ථානය අතර අර්බුදය “මංසන්ධියක” පවතින බව වොෂින්ටනයේ දකුණු ආසියානු විශ්ලේෂක මයිකල් කුගල්මන්  උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කරයි.

“දෙපාර්ශ්වයම ගන්නා අමතර ක්‍රියාමාර්ග ගැටුම් උග්‍ර වීමේ අවදානම බෙහෙවින්ම ඉහළට ගෙන යනු ඇත. එබැවින් ඉදිරි පැය කිහිපය තීරණාත්මක වනු ඇත,” කුගල්මන් පැවසීය.

මේ අතර පකිස්ථාන විදේශ ඇමති ඉෂාක් ඩාර් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පැවසුවේය.

“නිර්භීත ප්‍රහාරයකින් පසු පකිස්ථාන සන්නද්ධ හමුදා ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා සහ UAV යානා ගණනාවක් බිම හෙළා ඇත. එමෙන්ම පකිස්ථනා හමුදා කඳවුරුවලට පහර දුන් බවට ඉන්දියාව කරන ප්‍රකාශය අමූලික බොරුවකි.
තවද පකිස්ථානය එක රැයකින් ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාරක් කාශ්මීරයේ ඉන්දීය පරිපාලන ප්‍රදේශයට එල්ල කළ බවත් එම ඩ්‍රෝන යානා වෙඩි තබා බිම දැමූ බවට වූ ඉන්දීය ප්‍රකාශයක් එවැනිම අමුලික බොරුවක් බව කිව යුතුව තිබේ.

මගේ සෙසු රටවැසියනි, කාන්තාවන්, කරදර වීමට අවශ්‍ය නැත. ඔබේ රටේ සන්නද්ධ හමුදා “සම්පූර්ණයෙන්ම සීරුවෙන්” සිටී. හෙට අපි ජාතික ආරක්ෂක රැස්වීමක් පවත්වන්නෙමු. අපි ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්නෙමු.”

ජන ජීවිතය

මේ වනවිට රාත්‍රියේදී ඔවුන්ගේ විදුලි පහන් නිවා දැමීමට මායිම් නගර කිහිපයකට දෙපාර්ශවයම දැනුම් දී තිබේ. මිනිසුන් ද ඉවත් කර ඇත.

දෙරට අතර ගුවන් ගමන් අත්හිටුවා තිබේ. වීදිවල විශාල භීතියක් සහ කනස්සල්ලක් පවතී. ලාහෝර්හි ජනතාව අද අවදි වන්නේ උදෑසන ඇසුන පිපිරීම් ශබ්දයෙනි. ඉදිරි පැය 24 තුළ රට කොතැනට යන්නේ දැයි ඔවුන් තිගැස්මට පත් මිනිස්සු දන්නේ නැත.

පකිස්ථාන ජනතාව කනස්සල්ලට පත් කර ඇති තවත් සිදුවීමක් වන්නේ ඉන්දු ජල ගිවිසුමය. මෙම ජල ගිවිසුම මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් රඳා පවතින ඉන්දියාව සහ පාකිස්තානය අතර ජල බෙදා හැරීමේ ගිවිසුමකි. මෙම ගිවිසුමේ සහතිකකරුවන් මැදිහත් වී න්‍යෂ්ටික බලවතුන්ගෙන් ආතතීන් සමනය කරන ලෙස ඉල්ලා නොසිටියහොත්, ඒවා පාලනයෙන් තොර විය හැකි බවට බියක් පවතී.

වැඩේ ඇදෙන්නේ ජාතිකත්වය හා හෘද සංවේදී හැඟීම් අවුලුවමිනි. පෙහෙල්ගම්වල ත්‍රස්වාදීන් බිලිගත් ජීවිත විසි ගණනක වන්දිය ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනතාවකගේ ජීවිත මත පතිත වී එය කුඩු පට්ටම් කරන මහා ව්‍යසනයකට ඇද දමා කරන දේශපාලනයකට එළඹීමට ඉන්දියාව තීරණය කර ඇති බව පෙනේ. පකිස්ථාන නායකත්වය දැනට ප්‍රකාශිත ආකාරයට ඉල්ලන්නේ යුද්ධයකට නොගොස් කරන ඉහළ මට්ටමේ පරීක්ෂණයකි. එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඉන්දියාවට ඒ ආකාරයෙන්ම ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවද පකිස්ථානය පවසා ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉහළ මට්ටමේ රැස්වීමක ප්‍රධානත්වය දැරූ අතර එහිදී ඔහු “ජාතික ආරක්ෂාව, මෙහෙයුම් සූදානම සහ පුරවැසි ආරක්ෂාව” සඳහා රජයේ කැපවීම නැවත තහවුරු කර තිබේ.

“ගැටුමට අදාළව සියලුම අමාත්‍යාංශ ඔවුන්ගේ ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇති අතර ක්‍රියාවලීන් ශක්තිමත් කරමින් සිටී,” ප්‍රකාශයේ සඳහන් වේ. “සියලු ආකාරයේ නැගී එන තත්වයන්ට මුහුණ දීමට අමාත්‍යාංශ සූදානම්.” මෝදි තවදුරටත් කියයි.

උද්දච්ඡ දේශපාලන වීරත්වය සහිතව මනුෂ්‍යත්වයට අභියෝග කරන මෙම ව්‍යසනයේ නොබැඳි පිළිවෙතක් දරන්නට ශ්‍රී ලංකාව ගෙන යන ස්ථාවරය පවත්වා ගැනීමට ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරට සමගම කරන යුද්ධයකට නොදෙවැනි බැරෑරුම් කමක් ප්‍රකට කරන්නක් බව කිව යුතුව ඇත.

අප ඉන්නේ පිපිරීමට ආසන්න ගිනි කන්දක් පාමුලය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාප්වරයෙක් තෝරා ගැනීම තවත් දිගට ඇදෙයි…

Next Post

ලෝකයේ බිලියන 1.4කට නායකත්වය දෙමින් පත්වුන XIV වන ලියෝ පාප් වහන්සේ…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.