නවකවදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
අනතුරුව අද (05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය අධිකරණය විසින් ලබාදී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙක් බව පොලීසිය සඳහන් කරයි.
මියගිය චරිත් දිල්ශාන් විසින් තමන් විශාදය දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා බව අත් අකුරින් ලියූ ලිපියක සඳහන් කර තිබිණි. එහෙත් ඔහු සමග අප්‍රේල් 27 දා රාත්‍රීයේ සිට 28 දාටට පහන් වනතුරු වධයට ලක් කළ සිසුන් 18 දෙනෙක් ප්‍රකාශ කර තිබුණේ වධයට ලක් වීමෙන් පසු චරිත් බරපතල කම්පනයකින් සිටි බවය. ඔහුගේ දෙමව්පියන් ද මේ හිතවතුන් ද පවසා සිටියේ මේ මරණයට හේතුව චරිත් දිල්ශාන්ට ලබා දුන් වධය බවය.
සාමාන්‍යයෙන් නවක සිසුන් වෙත දෙවැනි වසරේ සිසුන් විසින් ලබා දෙන නවක වදය නැමැති ගෝත්‍රික හිංසාව දෙවැනි වසරේ සිසුවෙකුට ලබා දුන්නේ කෙසේ ද යන ප්රශ්නය ද සමාජයෙන් මතු වී තිබිණි.
කෙසේ වෙතත් පැමිණිලිකාර සිසුන් ඉතාම පැහැදිලි ලෙස තමන් වධයට ලක් වූ ආකාරය ගැන පැමිණිලි කර තීබිම් සමග මේ වනවිට ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශක කර තිබුණේ කිසිවෙකුට තවත් අයෙක් වධයට ලක් කිරීම සඳහා කිසිම අයිතියක් නැති බවත් මෙම මරණයට නවක වද සිද්ධියක් ඈඳී ඇතිනම් අපරාධ නීතිය මගින් උපරිම දඬුවම් ලබා දෙන බවත්ය.
මේ වනවිට සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.







