මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව සෙවණපිටිය නගරයට 05 වෙනිදා අලුයම පැමිණි වන අලියෙකු නගරයේ වී ගබඩාවකට හානිකර පලා ගොස් ඇති බව නගරවාසීහු කියති.
එම අලියා පළවා හැරීම සඳහා පැයක් පමණ දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බව නගරවාසීහු සඳහන් කරති,
වන අලියා නිරන්තරව රාත්රී කාලයේ නගරයේ සැරිසරන නිසා තම ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බවත් එම වන
අලියා ගබඩාවේ තහඩු දොරටුවට දැඩි ලෙස හානිකර වී මිටි කීපයක් එළියට රැගෙන හානිකර ඇති බවත් වී ගබඩාවේ හිමිකරු සඳහන් කළේය.
අලියා වී ගබඩාව කඩන අයුරු අසල සිටි පුද්ගලයකු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙන අතර, මෙම වන අලියා නගරයෙන් ඉවත් කිරීමට අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනෙමින් යොමු කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් කිසියම් මොහොතක ජීවිත හානියක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද නගරවාසීන් කියති.







