සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී අද ( 05) නියෝග කළාය.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් කිරීම හරහා දූෂණය නමැති වරද සිදු කළ බවට පසුගිය 28 වැනිදා සැකපිට අත්අඩංගුවට ගන්නා ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල අද දිනය (05) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට ඇප නියම කළේය.







