ආහාර හා ජලය ආශ්‍රතිව පැතිරයන වෙනදා නොතිබුණ රෝග අවදානමක් මහනුවර නොමැති බව මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ පවසයි.
මේ වනවිට මහනුවර නගරයේ පාචානය අතීසාරය වැනි රෝග පැතිර යෑමේ අවදානමක් පවතින බවට වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන බවත්, ඒවාගේ කිසිම සත්‍යයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, ඔහු අවධාරණය කරයි.
මහනුවර නගර සීමාවේ බෙදා හරින පානීය ජලය පැය බාගයකට වරක් පරීක්ෂාවට ලක් කරන බවත්, මේ වනවිට මහනුවර පෙර පැවති තත්ත්වයට පිරිසිදුකර අවසන් බවත් හෙතෙම පැහැදිලි කළේය.







