බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ජනාධිපති සහෝදරයා… මේ කල් මරන්නේ පොලිසියේ රාජපක්ෂ ගෝපයියන් NPP ආණ්ඩුවට කෙළවන තුරු ද?…

by editor
අප්‍රේල් 26, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ලොකු කුමාර විසිනි –

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව සමාජය තුළ පවතින නොනවතින සංවාදය අවසන්වන දිනය ගැන කිසිවෙකුටත් අදහසක් නැත. දැන් මේ සංවාදය හිඟන්නාගේ තුවාලය මෙන්ය.

අනුර දිසානායක සහෝදරයා බලයට පත් වීමෙන් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් අධිකරණයට ගෙන එනු ඇතැයි බොහෝ දෙනා ගේ විශ්වාසය විය. එහෙත් ඔහු ඒ ප්‍රහාරයට සම්බන්ධ වූවන් අධිකරණය⁣ට ගෙන ඒම කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති ජනපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සීඅයිඩීය⁣ට බාර දුන්නේය. මේ වන විට පොලීසිය එම වාර්තාව පිළිබඳව විමර්ශනය⁣ට පොලිස් කෙරුමන් ගෙන් කමිටු පත් කර තිබේ.නොකෙරෙන වෙද කමට කෝඳුරු හත් පට්ටයක් ඕනෑ කරනවා යැයි අපේ පැරැන්නන් කිව්වේ කට කහනවාට නොවේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය – තොරණේ විස්තරය…

⁣පොලීසියේ රාජකාරිවලට NPP ආණ්ඩුව අත දාන්නේ නැති බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නිතර නිතර සිදු කෙරෙන ප්‍රකාශනයකි. මහජන ආරක්ෂාව බාර දී ඇත්තේ පොලීසියේ සේවය කළ එස් අයි මහත්තයෙකුටය. ඔහු උපදෙස් ගැන්නේ පැන්ෂන් ගිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකුගෙනි. මේ උපදේශක පැන්ෂන් පොලිස් මහත්තයා පැන්ෂන් යන දවස දක්වාම රාජපක්ෂලාගේ සට්ටැඹිරාළ කෙනෙක් බව ඔහුගේ සේවා ගොනුව පෙරලන විට වටහා ගත හැකිය. උන්නැහේ NPP ආණ්ඩුවට ⁣කෙලවෙන තරමට පොලීසිය ජාඩි දමිමින් සිටී.

රටේ තොටේ හැම සිදු වන හැම පොලිස් රාජකාරියකදීම රාජපක්ෂලා සමීපයේ හුරතල් වුන පොලිස් කාරයන්ට වගකීම බාර දීම මේ උපදේශක උන්නැහේගේ පුරුද්ද වී තිබේ. එසේත් නැතිනම් වජිර අබේවර්ධනගෙන් සාගල රත්නායකගෙන් ඇවන්ගාඩ් සේනාධිපති ගෙන් හෝ නෙවිල් වන්නිආරච්චි ගෙන් විමසා යූඇන්පී හො පොදුජන පෙරමුණේ කිනිතුල්ලන් වූ පොලිස් ලොක්කන් හට රාජකාරී වගකීම් බාර දීම මේ උපදේශක උන්නැහේගේ කෙරුවාවය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ තොරණේ විස්තර කියන විට ඇමති ඩබල හැරුණ විට ඉහළ මාලයේ ඉන්නේ පැන්ෂන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති රවි සෙනෙවිරත්නය. එහෙත් උන්දෑ ඉන්නේ නමට පමණය. උන්දෑට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කරන්න පුළුවන් ලබුවකුත් නැත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ කෙරුවාව අසමත් බව⁣ට ආසන්නම උදාහරණය දළදා ප්‍රදර්ශනයයි. ඒ කාරියේදී පොලිස් රාජකාරි වගකීම බාරදුන් පොලිස් ලොක්කා රාජපක්ෂලා බලයේ සිටි දිනවල ⁣නොකරන ලද්දේ ඔවුන්ගේ පස්ස හේදුවේ නැති එක විතරය. මොහු රාජකාරි බාර ගත් දවසේ ගත්තු ඡායාරූප ටික ජනපති අනුර ⁣සහෝදරයා ගෙන්නා ගෙන බැලුවා නම් හොඳය. ඒ ඡායාරූප⁣වල පොලිස් ලොක්කා ලඟින්ම ඉන්නේ මහනුවර මසාජ් ක්ලිනික් හිමිකරුවෙකි. මේ මසාජ් ක්ලිනික් නමට සිංහලෙන් සම්බාහන වූවාට තනිකර ගනිකා නිවාස බව නුවර ජනතාව දනී. පොලිස් ලොක්කා ගේ අඹ යාළුවා ගණිකා නිවාස හිමියෙක් නම් ඒ පොලිස් ලොක්කාගේ රාජකාරිය කෙසේද යන්න ගැන අටුවා ටිකා ලියා වැඩක් නැත.

ආණ්ඩුවට කෙළවෙන තුරු බලා ඉන්නා පොලිස් කිනිතුල්ලෝ…

රාජපක්ෂලා සමග හුරතල් වූ බොහෝ පොලිස් ලොක්කන් ගේ තිරයෙන් පි⁣ටිපස රාජකාරිය ඇත්තේ ජාවාරම්කාර ගනුදෙනු සමගය. ඒ පොලිස් ලොක්කන්ට NPP ආණ්ඩුව තිත්ත වී ඇත්තේ රාජපක්ෂලා බලයේ සිටිද්දී සිදු කළ නච්ච ගීත වාදිත විසූක දස්සන තක්කඩි ජාවාරම් නිදහසේ කර ගන්නට ඉඩ නැති හෙයිනි. එහෙත් රාජපක්ෂගේ බැති බර උපාසකයන් වූ මේ පොලිස් ලොක්කන් දැන් නිරූපනය කරමින් සිටින්නේ NPP ප්‍රතිපත්තිවලට වන්දනා මාන කරන බවය.

NPP ⁣ ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ඩබලට මේ උන්දැලා ගැන වැටහීමක් ඇත්තේම නැත. නියෝජ්‍ය ඇමති වටගල වී.අයි ලැනින් චක්කරය මතුරමින් පොලීසියේ රාජකාරියට ආණ්ඩුවේ අත පෙවීමක් නැති බවට උජාරුවෙන් පවසමින් සිටී. රාජපක්ෂ ජාන ගත පොලිස් ලොක්කන් මේ ආණ්ඩුව බලයට පත් වන විට හි⁣ටියේ මුඛ පූට්ටු වෙලාය. ඒත් දැන් මුන්දැලා මේ ආණ්ඩුවේ ඉන්නේ කයිතන් අප්පුලා පමණක් බවට සිතා සිටින බව සැකයක් නැත. රාජපක්ෂ ආණ්ඩුවලදී තිබූ බය හැකද දැන් මේ වාහේලාට නැත. ආණ්ඩුවට බඩු බනිස් වෙන දවස ගැන ඇඟිලි ගනිමින් මුන්දැලා දැන් රාජකාරි කරන්නේ පුරවැසියන්ට ආණ්ඩුව වහ කදුරු වෙන විදියටය.

පොලීසියේ රාජපක්ෂ ජාන ගත පොලිස් ලොක්කන් පුරවැසියන්ට NPP ආණ්ඩුව වහ කදුරු කරන්නට රාජකාරි කරද්දී ආණ්ඩුවේ මැති ඇමති සහෝදරයන්ට දැන් තිත්ත අබිං වී ඇත්තේ මේ තොරතුරු අනාවරණය කරන විද්‍යුත් පේජයන්ය. යූ ටියුබි කාරයන්ය. මේ ඇමති සහෝදරයන් හා ඔවුන්ගේ සමීපයේ ගැවසෙන කූට්ටාලින් NPPයට හිතවත් අපට රාජපක්ෂ මුද්‍රාව තබා හිත හදාගන්නට හදන දඟලන හැටි දැක්කාම අපට ඇති වන්නේ අප ගැනම කණගාටුවකි.

NPP ආණ්ඩුව වෙනස් කර ලබ්බෙ හාමුලා බලයට පත් කරවීමට අපට කිසිම කැසිල්ලක් නැත. ඒ කැසිල්ල තියෙන්නේ සහෝදර මැති ඇමතිලා දැන් ඔඩොක්කුවේ දාගෙන ඉන්නා රජයේ නිලමක්කාර රාජපක්ෂ නිල මැස්සන් කිනිතුල්ලන් හා ගෝපයියන්ටය. මැති ඇමති සහෝදර වරුන්ට හොඳ මූණ පෙන්වා හීන් සැරයේ ආණ්ඩුවට කෙලින්නට කොඩිවින කරන්නේ මේ අවලම් හැත්තය. විශේෂයෙන් පොලීසියේ ජරා බායියලා ⁣ගැන ආණ්ඩුව තීන්දුවක් නොගන්නේ නම් මීට වඩා හෙට අනිද්දා වෙන විට කෙලවෙන බව නම් පට්ට ඇත්තය. පොලිස් ඇමති ඩබල මේ හුරතල්⁣ වෙන්නේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර ජේවීපී කාරයන් ටයර් උඩ දැමිය යුතු කාලකණ්නි යැයි පවසමින් සිටි පොලිස් ලොක්කන් හා ලොක්කියන් සමගය. ⁣පාස්කු ප්‍රහාරය ගැන සොයන්නට බාර දෙන්නේත් ඒ තක්කඩියන්ටය.

ජනාධිපති සහෝදරයාට ඇන්නවූ පොලිස් නිලමක්කාරයින්ගේ මගෝඩි කෙරුවාව

පහුගියදා මේ පොලිස් නිලමක්කාරයන් ගේ මගෝඩි කෙරුවාව ගැන යම් අදහසක් ගත හැකි සිද්ධීන් කිහිපයක්ම සමාජගත විය. ඒ සිද්ධීන් ජනපති අනුර සහෝදරයා හා NPP ආණ්ඩුව ඉතා බරපතල ආකාරයෙන් නෝන්ඩි කරවන සිදුවීම් විය. මේ සිද්ධීන් අහඹුවන් නොවේ. ඉතා සැලසුම් සහගතව හා කුමන්ත්‍රණකාරීව දියත් වූ ඒවාය.

එම සිදුවීම් වල අංක එක ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකර් ඇලවූ කිරි කජු කොල්ලා ගේ සිද්ධියයි. මේ⁣ කොල්ලා ගැන ජනපති අනුර සහෝදරයාට පොලිස් ලොක්කන් දුන් තොරතුරු අතේ පැලවෙන බොරුය. ජනපති අනුර සහෝදරයා ඒ තොරතුරු ගැන විශ්වාසය තබා ඒ කොල්⁣ලාගේ අම්මා තාත්තා තමන් හමුවීමට පැමිණ සමාව ගග් බව මඩකලපුවේ රැස්වීමකදී පැවසුවේය. එහෙත් ඒ කොල්ලාගේ දෙමවුපියන් හැරෙන තැපෑලෙන් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔවුන් ජනපති හමුවන්නට නොගිය බවය.

සිදුවීම් අංක දෙක වන්නේ පාස්කු ප්‍රහාරය වගකිවයුත්තන් ගැන අනාවරණය කරන බවට අනුර ස⁣හෝදරයා කළ ප්‍රකාශයයි.
එහෙත් එවැන්නක් සිදු කිරීමට අනුර සහෝදරයා අපොහොසත් වූ අතර ජනපති පාස්කු කොමිෂන් වාර්තාව සීඅයිඩීයට යවා යන්තමට ජාම් බේරා ගත්තේය.

මේ සිදුවීම් දෙකෙන්ම වටහා ගත යුත්තේ ජනපති අනුර සහෝදරයා අමාරුවේ දැම්මේ තක්කඩි පොලිස් ලොක්කන් බවය. අප දිගින් දිගටම අනාවරණය කරන්නේ මේ ජාවාරම් කාර හැත්ත ගැනය. මහජන ආරක්ෂක ඇමති ඩබල නිදහසේ රාජකාරි කරන්නට ඉඩ දී තියෙන්නේ මේ පොලිස් පෝරිසාදයන්ටය. අනුර සහෝදරයා නෝන්ඩි කරවා ආතල් ගන්නේද එවුන්ය.

මේ කුමන්ත්‍රණකාරී වටපිටාව අනුර සහෝදරයා තේරුම් ගත යුතුමය. එසේ නැති වුව හොත් ⁣මේ නරුමයන් පස්ස බලන්නේ ජනපතිවරයා දෙකේ කොළයට දමාය. ජාතික බුද්ධි සේවාවට පොලිස් උපදේශක උන්නැහේ පත් කර ඇති පැන්ෂන් පොලිස් කාරයා සේවය කරන්නේ ඇවන්ගාඩ්⁣ සේනාධිපතිටය. එහි අධ්‍යක්ෂ වරයා තද මනුස්සයෙක් නිසා ජාතික බුද්ධි සේවාව තවමත් යාවත්කාලීන වෙමින් පවතී. එහෙත් ශක්තිමත් වීමක් නැත.

මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව නූල කැඩුණ සරුංගලයක් වාගේය. නූල කැඩුන සරුංගලය ඔහේ අහසේ පාවෙනවා වාගේම පොලීසියේ හැම කෙරුමෙක්ම තම තමන්ට ඕනෑ විදියට රාජකාරි කරමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එක පදයක් නටයි. පොලිස්පති තව නැටුමකය. ඊට පහල පොලිස් නිළමෙළා සංගීත පාටිවල ඩාන්ස් කරමින් සිටී. ඇමති ඩබල කෝපි කඩේ කයිවාරු ගහමින් පැත්තකය. පොලීසිය ජෑම් වෙලාය.

NPPයට කෙළවන ඇමති සහෝදරයින්ගේ උද්දච්ඡකම

දිස්ත්‍රික්ක නියෝජනය කරන NPP ආණ්ඩුවේ මැති ඇමති කෙරුමන් ඒ ඒ දිස්ත්‍රික්කවල පොලිස් ලොක්කන් සමග ඉඳ හිටවත් සම්බන්ධ නොවීම බරපතල අඩුවකි. ඒ අඩුව නිසාම මේ පොලිස් ලොක්කන් තවමත් ගනුදෙනු කරන්නේ පොදුජන පෙරමුණේ හා එජාප පොරවල් සමගය. NPP මැති ඇමතිවරුන්ගේ ඉහට ගසා තිබෙන උද්දච්ච කම පැත්තකින් තියා දැන් වැඩේට බැසිය යුතුය. තමන්ගේ දිස්ත්‍රික්කයේ ⁣පොලිස් කාරයන් මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් බලා කියා ඇති දැඩි කර ගන්නේ යැයි සිතා සිටිය හොත් NPP ආණ්ඩුවට වැඩි දවසක් යන්නට පෙර අතීසාරය වැළදෙන්නේ පොලිස් විෂබීජ වලිනි.

කෙසේ වෙතත් මේ යන විදියට සිද්ධ වෙන හැම සෙප්පඩවිජ්ජාවකින්ම හොට බිම ඇනෙන්නේ NPP ආණ්ඩුවේය. ප්‍රශ්නය හරියට තේරුම් ගෙන පොලීසියට නාස් ලණුව දමා ගෙන හැකි ඉක්මනට ආම්බාන් කර නොගත හොත් NPP ආණ්ඩුවට සිද්ධ වෙන්නේ බරපතල විපත්තියකි. ඒ ආම්බන් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක උන්නැහේ ගෙන් උපදෙස් ගත හොත් එය කබලෙන් ලිපට වැටීමකි.

NPP ආණ්ඩුවට දැක්මක් තිබේ. ප්‍රතිපත්තියක් තිබේ. මේ දැක්ම හා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ සිය පාක්ෂිකත්වය පිළිබඳව පළමුව විශ්වාසය තබමිනි. එහෙත් ආණ්ඩුව දැන් පිටියේ සෙල්ලම් කරන්නේ එක තුරුම්පුවක් පමණක් අතේ තියා ගත් ගාණටය. ඒ තුරුම්පුව අනුර සහොදරයාය. අනුර සහෝදරයා නැතිනම් ආණ්ඩුව ⁣කපෝති යැයි කියවෙන තරමට පුරවැසියන්ගේ ඔළු හැදීගෙන එමින් පවතී. මෙවැනි වටපිටාවක් නිර්මාණය වූයේ මක්නිසාද යන්න NPPආණ්ඩුවේ මැති ඇමතිවරුන් වටහා ගත යුතුය.

එකෙක් දෙන්නෙක් හැර බොහෝ මැති ඇමතිවරුන් බක පණ්ඩිතයන් බවට රූපාන්තරණය වී තිබේ. පැවැති සහෝදරකම් අහෝසි වී ඇතැයි සිතන තරමට ප්‍රභූ කම ඔළුවට ගහලාය. ඇහුම්කම් දීමක් නැත.පුරුද්දටවත් පරණ යාළු සබඳකම් ගැන නොසිතති. දුරකථන ඇමතුමක් ගත් විට ඒ හා සම්බන්ධ වීම පැහැර හරිමින් සිටී. ඒ වැඩ වැඩි නිසා යැයි පැවසේ.

එහෙත් පරණ ආණ්ඩු වල සිටි බොහෝ ඇමතිවරුන් හට දුරකථන ඇමතුමක් ගත් විට ඇමතුමට ප්‍රතිචාර දැක්වීමක් සිදු කෙරිණි. අඩුම ගානේ පෞද්ගලික ලේකම්වරයා හෝ ඒ ඇමතුම සමග සම්බන්ධ වේ. NPP ආණ්ඩුවේ මැති ⁣ඇමති නියෝජ්‍ය ඇමති වරුන්ට එහෙම පුරුද්දක් නැත. ඒ පුරුද්ද නැති වීම ගැන ලියන්නට ඇත්තේ උද්දච්ච ගොන්කම කියා මිස එය තේරුම් කර දෙන්නට වෙන සිංහල වචනයක්ද නැත. යූ ටියුබ් කාරයන්⁣ට හා සයිබර් පේජ් කාරයන්ට ඕන විදියට අපි වැඩ කරන්නේ නැති යැයි දැන් පොර ටෝක් එකක් ඉෂූ කරන්නට මේ මැති ඇමති සහෝදරයන්ට පුළුවන. ඒ ගැන බලපිටියේ මැයියන්ගේ භාෂාවෙන් අපට ලියන්නට ඇත්තේ “අනේ හුකේ නන්නානේ” කියා පමණය.

“අපට නිවැරිදි න්‍යායක් තිබේ නම් එහෙත් අපි හුදෙක් ඒ ගැන දොඩ දොඩා සිටිමු නම් එය හමස් පෙට්ටියේ දමමු නම් එය භාවිතාවේ නොයොදෙමු නම් එවිට ඒ න්‍යාය කෙතරම් හොඳ වුවත් කිසිම වැදගැම්මකට නැතිවේ. දැනුම භාවිතයත් සමග පටන් ගනී. භාවිතාව මගින් ලබා ගන්නා න්‍යායික දැනුම ඉක්බිති පෙරළා භාවිතයට යා යුතු වේ. දැනුමේ ක්‍රියාකාරී කාර්ය ප්‍රක⁣ට වන්නේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් බුද්ධික දැනුමට පනින ක්‍රියා කාරී පිම්මෙහි පමණක් නොවේ. එහි වඩාත් වැදගත් දෙය මෙයයි. බුද්ධික දැනුමෙන් සමාජය වෙනස් කිරීමේ භාවිතාවට පනින පිම්මෙහිද ප්‍රකට විය යුතුය. ලෝකය පිළිබඳ නියාම තරයේ වටහා ගන්නා දැනුම ලෝකය වෙනස් කිරීමේ භාවිතාව වෙත ආපසු හැරවිය යුතුය.

(වී.අයි.ලෙනින් – ද්‍රව්‍ය වාදය හා ආනුභවික විවේචනය)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි

Next Post

කෝටි 80ක මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට… හෙරොයින් කිලෝ 13යි… අයිස් කිලෝ තුන හමාරයි…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.