මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනයෙන් සහ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් මෙතෙක් පස්වරු 12.30 සිට පැමති සිරි දළදා වන්දනාව අද (21) සිට පෙරවරු 11 සිට මහ ජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබේ.
මේ වනවිට අති විශාල ජනතාවක් සිරි දළදා වන්දනාව සඳහා පෝලිම්වල රැඳී සිටීම පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බව දළදා මාළිගාවේ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ජනතාව පෝලිමේ සිටිය දී පෙරවරු 11 සිට 12.30 දක්වා දියවඩන නිලමේ වරයාගේ මහනුවර ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ගේ සමීපතමයින් හොර රහසේ දළදා වැන්දවීමේ වීඅයිපී හොර පාරක් ගැන වීඩියෝ දර්ශන සහිතව සමාජ මාධ්‍යවල වාර්තා විය. මේ ඒ දර්ශනයන්ය.
මෙසේ හොර පාරකින් දළදා වන්දවන බවට චෝදනා එල්ලවන්නේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරිය විශේෂ අමුත්තන් සඳහා පෝලිම් වෙන් කර දළදා වැන්දවීම සිදු නොවන බව තීරණාත්මකව ප්‍රකාශ කිරීමෙන් ද පසුවය.
රාජ්‍ය නායකයාගේ නියෝග ඉක්මවා යමින් දළදා මාළිගාව තුළ සිදුවන මේ ක්‍රියාව රජයත් බරපතල අපහසුතාවයට පත් කළ බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය. කෙසේ වෙතත් මේ වනවිට එම තත්ත්වය නිවැරදි වී සාමාන්‍ය ජනයා වෙත පෙරවරු 11 සිට සිරි දළදා වන්දනාව විවෘත වී ඇත.







