බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා වඳින්නම නෙමෙයි… මනුසත් උයනේ මල් පිපෙන හැටි බලන්න – මහනුවරට ඇවිත් යන්න…

by editor
අප්‍රේල් 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

  • දළදා මාළිගාවේ මහ දන්සැලේ ආහාර පිසින්නේ කටුකැලේ ජුම්මා පල්ලියේ නෝම්බි කැඳ හදන හැලිවල…

  • මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනය මැදිහත් වී පෝලිම් අවට සියලුම මුස්ලිම් දේවස්ථාන පැය 24ම විවෘත කර බැතිමතුන්ට එම දේවස්ථානවල වැසිකිලි පහසුකම් සපයලා… වැසිකිලි නඩත්තු කිරීමට පැය 24ම ස්වේච්ඡා සේවයකයින් යොදවලා…

  • පෝලිම්වල නිරාහාර ජනතාවට කෑම වතුර බෝතල් බෙදා දීමේ සද්කාර්යයක් මුස්ලිම්වරු අද සිට ආරම්භ කරලා…

සිරි දළදා වන්දනාව මනුෂ්‍යත්වය අවදිකර තිබිණි. ජාති ආගමික වාර්ගික භේද පිළිබඳ හැඟීම සුන් කර තිබිණි. මේ මහා වන්දනාවෙන් ලැබෙන උත්තම සමාජ ඵලය එපමණක් වුවත් එය සෑහෙනු ඇති බවට උපන් මහත් වූ ප්‍රහර්ශයෙන් මේ සටහන තබමි.

මේ වනවිටත් දිවයිනේ නන් දෙසින් පැමිණි ලක්ෂ හතරකට ආසන්න ජන ප්‍රවාහයක් මහනුවර දළදා දැක්ම වෙනුවෙන් රොද බැඳගෙනය. මේ මහා ජනතාව පෙළන බරපතලම තත්ත්වය ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් නොමැති කමය. එය රාජ්‍ය ආයතන මැදිහත් වී කළ හැකි ප්‍රමාණයක් තිබේ. ඒ සීමාව ඉක්ම ගොස්ය.

මේ වනවිට ඒ බරපතල ප්‍රශ්නය විසඳීම සඳහා ඉදිරිපත් වී ඉන්නේ මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනය ය. එහි සභාපති. කේ.ආර්.ඒ. සිද්දික්ය. ඔහු මහනුවර මහ නගරසභාවේ කොමසාරිස් ඉන්දිකා අබේසිංහ සමග සාකච්ඡා කර වැසිකිලි පහසුකම් සැපයීමේ ක්‍රමවේදයක් යොදා තිබේ.

මේ වනවිට දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් රැඳී ඉන්නා පෝලිම් ආසන්නයේ තිබෙන සියලුම මුස්ලිම් පල්ලිවල වැසිකිලි පහසුකම් ජනතාවට විවෘත කර දී ඇත.

මහනුවර මුස්ලිම් දේවස්ථාන සම්මේලනය, මහනුවර මුස්ලිම් වෙළෙඳ සංගමය, මහනුවර විද්වතුන්ගේ සංගමයේ නගර ශාඛාව, ඇතුළු පෝලිම් අවට පල්ලිවල ප්‍රධාන මුස්ලිම් පල්ලිවන හනසි ජුම්මා පල්ලිය, තක්කියා ජුම්මා පල්ලිය, නීරමක්ඛම් ජුම්මා පල්ලිය, එක්ව වැසිකිලි පහසුකම් යාවත්කාලීන කරමින් ජනතාවට පහසුකම් සපයා දී තිබේ. මේ සද් කාර්යය මේ දයාබර මිනිස්සු ස්වේච්ඡාවෙන් ඉටු කරති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මුස්ලිම් පල්ලිවල වැසිකිලි පහසුකම් දළදා වන්දනාකරන බැතිමතුන්ට විවෘත කර ඇති අයුරු…

මේ වනවිට මහනුවර නගරයේ දන්සල් 511ක් ක්‍රියාත්මකය. දළදා මාළිගාවේ මහා දන්සල තිස් දහසකට දිනපතා ආහාර සපයයි. දළදා මාළිගාවේ මහා දන්සලට අවශ්‍ය දැවැන්ත භාජන ප්‍රමාණය ලබා දී ඇත්තේ කටුකැලේ ජුම්මා පල්ලිය ය. දළදා මාළිගාව වන්දනාවේ එන බැතිමතුන් වෙනුවෙන් දැවැන්ත ආහාර පිළිගැන්වීමේ සත්කාරයට යොදාගෙන ඇත්තේ කටුකැලේ ජුම්මා පල්ලියේ ඇති මුස්ලිම් බැතිමතුන්ට නෝම්බි ඇරීම සඳහා කැඳ සකසන විශාල භාජනය. ඒ සද්කාර්යයට මැදිහත් වන්නේත් මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනය ය.

මේ සියල්ලටම අමතරව මේ වනවිට අවබෝධ වී ඇති කාරණය වන්නේ මේ මහා ජන සන්නිපාතයට අවශ්‍ය ආහාර සැපයීමට දැනට ලියාපදිංචි වී ඇති දන්සල් 511ටත් ලියාපදිංචි වීමට පොරොත්තු ලේඛනයේ සිටින දන්සල් 120ට වැඩි ප්‍රමාණයටත් ඇති හැකියාව මද බවය. ඒ සම්බන්ධ සංවාදය ඇතිවත්ම මහනුවර මුස්ලිම් සහෝදරවරු බැතිමතුන්ට වතුර බෝතල් සහ ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටිති.

මේ අප දකින්නේ මනුෂ්‍යත්වයේ ප්‍රාතිහාර්ය ගැන කියන මහා ප්‍රායෝගික ක්‍රියාවලියකි. මිනිස්සුන්ගේ හදවත්වල ඇති සැබෑ අපේක්ෂාවන් එළියට එන්නේ මෙවැනි අවස්ථාවකදී ය. මේ ඉන්නේ සිංහල ජාතිය වඳ කරන්නට කොත්තු කැවූ බවට මීට වසර කීපයකට පෙර චෝදනා ලැබූ මනුෂ්‍යයන්ය. සිංහල අම්මලා වඳ කිරීමට පැලෝපීය නාල මිරිකූ බව කියූ ජාතියක මිනිස්සුය.

ජඩ ජාතිවාදය මේ රට ව්‍යසනයට ලක් කළා සේම මනුෂ්‍යත්වයේ හැඟීමෙන් සියලුම මනුෂ්‍යයින් එකතුවෙන මොහොතක ජාතිය මොන තරම් සුන්දර තැනක් කළ හැකි ද යන්න බව වටහා ගැනීමට මේ දැකුම් දෑසින් දැක ගත යුතු බවට යෝජනා කරමු.

දළදා වඳන්න නොවේ… මනුසත් උයනේ මල් පිපෙන හැටි දැකගන්න මහනුවරට ඇවිත් යන්න..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා -රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

Next Post

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.