චීනය හැර අනෙක් සෑම රටක් සඳහාම නව බඳු පැනවීම දින 90ක කාලයකට අත් හිටවූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ එම දින 90ක කාලය තුළ 10%ක අනෝන්‍ය ගාස්තුවක් වහාම ක්‍රියාත්මකවන බවය.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරදි සියයට 104ක් වූ චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු මුදල සියයට 125ක් දක්වා ඉහළ නන්වන බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ට්‍රම්ප් ලෝකයම ඉලක්ක කරගත් නව බදු පැනවීම අත්හිටවනු ලබන්නේ දැඩි තීරු බදු පැනවීමෙන් පැය 24ක කාලයක් ගතවීමට පෙරය. ට්‍රම්ප් විසින් කළ මෙම ප්‍රකාශයත් සමග එක්සත් ජනපද කොටස් වෙළෙඳපලේ දර්ශක ඉහළ ගොස් තිබිණි. ( රොයිටර්)







