බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ පොලිස් භාරයේ දී මිය ගිය තරුණයාගේ සිරුර යළි ගොඩ ගන්න අධිකරණ නියෝගයක්!

by editor
අප්‍රේල් 9, 2025
in පුවත්
nimesh
Share on FacebookShare on Twitter

වැලිකඩ පොලිස් ස්ථානයේ භාරයේ සිටියදී මියගිය තරුණයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පැවැත්වීම සඳහා එය ගොඩ ගැනීමට අධිකරණය අද නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින්  කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ යළි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබිණි.

නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටිය දී කලහකාරී ලෙස හැසිරුණ බව කී මේ තරුණයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.  මරණයට පත් වී සිටියේ මීගස්කිවුල මොරහෙල පදිංචිව සිටි සත්සර නිමේෂ් (25) නමැති තරුණයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධව මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පර්යේෂණයක් ආරම්භ කර ඇති බවත්, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අධිකරණයේ දී සිදුවූයේ කුමක් ද?

, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනි, වැලිකඩ පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන අංගොඩ මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම තරුණයා මියගොස් තිබෙනවා. නමුත් මෙම තරුණයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවති ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ මව සෑහීමකට පත්වන්නේ නෑ. මොක ද ඔහුගේ මවට කරුණු ඉදිරිපත් කරන්නත් අවස්ථාව ලබා දීලා නෑ. ඒ නිසා, මෙම මරණය සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතිනවා. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 වගන්තිය යටතේ අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පූර්ණ බලය පවරා දී තිබෙනවා. එම නිසා මෙම තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් සඳහන් කළේ ය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥවරයෙකු වූ නීතිඥ සේනක පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ” ස්වාමීනි, මෙම මරණය සම්බන්ධයෙන් මරණකරුගේ මවට සැකයක් තිබෙනවා. ඇය ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙනුත් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා. මොක ද මිය යන්නට පෙර අදාළ තරුණයා ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙනවා තමන්ට පහර දීමක් සිදුවූ බව. පසුව මව කෑම රැගෙන පොලිසියට ගිය අවස්ථාවේදී ඇයට දැනගන්නට ලැබී තිබෙනවා, ඔහු මියගොස් තිබෙන බව” එහෙයින් මෙම මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් මගින් අලුතින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් නීතිඥ සේනක පෙරේර සඳහන් කළේ ය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මරණයට අදාළව මුලින් ම නුගේගොඩ පොලිස් කොට්ඨාසය මාර්ගයෙන් විමර්ශන කළ බව පැවසීය.

” ස්වාමීනි… වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා. අප විමර්ශන භාර ගත්තාට පස්සේ මෙම තරුණයා අත්අඩංගුවට ගත් ස්ථානයේ සිට පොලිසියට රැගෙන ආ අවස්ථාවත්, පොලිසියේ සිට අංගොඩ රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවත් දක්වා අවස්ථා ආවරණය වන පරිදි විමර්ශන සිදු කරමින් පවතිනවා. ඒ යටතේ මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේ පුද්ගලයින්ගෙන් හා ඔහු ඇසුරු කළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා. ඒ වගේ ම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේත් වැඩිදුර විමර්ශන කරනු ලබනවා. එසේ ම මිය ගිය තරුණයාගේ ලේ සාම්පල් හා මෘත ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අගතියට පත් පාර්ශවය කරන ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවත් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉහත කී නියෝගය නිකුත් කළේ ය.

ඉන් අනතුරුව පැමිණිල්ල මේ මස 30 වන දා යළි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර සිටියේ ය. (බීබීසී)

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු විමර්ශන නොමග යැවූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට….

Next Post

මිය ගිය NPP මන්ත්‍රී කෝසල වෙනුවට සමන්ත රණසිංහ පාර්ලිමේන්තුවට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.