අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (07) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් ලෙස මුහුණ දෙන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා අමෙරිකානු තානාපතිනිය සමග සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට බලපෑ හැකි අන්දම දීර්ඝව සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ
2022 වසරේදී ශ්‍රි ලංකාව පුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ බව අමාත්‍යංශය දක්වා තිබේ.







