මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මූලස්ථානයට පොලිසියට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන්වරයෙකු හප්පා මරණීය අනතුරකට ලක්කර පලාගිය වාහනයක් පිළිබඳ පොළොන්නරුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
පොළොන්නරුව මඩකළපුව ප්රධාන මාර්ගයේ ගල්ලෑල්ල ජාතික ක්රීඩාංගනය ඉදිරිපිට ඊයේ රාත්රියේ 11.30ට පමණ සිදුවූ මෙම අනතුරින් පොලිස් නිලධාරියා මිය ගොස් තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කල පොලිස් නිවාසයේ තාවකාලිකව පදිංචිව සිටි දොන් ලක්මිණි නිශාන්ත කුමාර යන පොලිස් සැරයන් බව පරීක්ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
ඔහු පනස් හතර වියෙහි පසු වු විවාහක අයෙකු වන බවද පොලිසිය කියයි.
අනතුර සිදුකර පලාගිය වාහනය අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ගුණතිලක අප කළ විමසීමකදී පැවසීය.







