සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද අත්සන් කරන ආරක්ෂක ගිවිසුම්වලින් දෙරටේම භෞමික අඛණ්ඩතාවයට නීති පද්ධතියට කිසිදු බලපෑමක් නෑ… ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
SAMPATH-T
Share on FacebookShare on Twitter

අද දිනයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාව විෂයෙහි අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන බවත් එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින බවය. එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් බව ආරක්ෂක ලේකම්වරයා එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ආක්ෂක ලේකම්වරයා විසින් සිදුකර ඇති විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දශක ගණනාවක් මුළුල්ලේ සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරනු ලබන අතර, ආරක්ෂාව හා සම්බන්ධ සංවාද, ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් මෙන්ම වැඩමුළු ආදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් තුළින් මෙම සබඳතා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මීට සමගාමීව ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ අදාළ විෂයානුබද්ධ පුහුණුවීම් ලබා දෙයි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කෙරෙන අතරම මේ දක්වා එම සහයෝගය අඛණ්ඩව ලබාදීම විශේෂත්වයකි.

2023 වර්ෂයේ පැවති ආරක්‍ෂක සංවාදයේදී, ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළවිය.

ශ්‍රී ලංකාව අනෙකුත් ‍රටවල් සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි දැක්වෙන උපදෙස් ප්‍රකාරව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අවබෝධතා ගිවිසුම ඉතා ගැඹුරින් පරීක්ෂා කොට සමාලෝචනය කර ඊට අදාළ වන පරිදි සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව එළඹි නිගමනයන්ට අනුව සකස් කරනු ලැබූ අවසන් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද නිසි අයුරින් ලබාගැනීමට කටයුතු කරන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකෙරේ.

තවද මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින අතර, එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් වේ.

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් දෙරටේ ආරක්‍ෂක සබඳතා සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙන අතර එමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සතු දැනුම හුවමාරුකර ගැනීමේ වැඩසටහන්, පුහුණුවීම්, ජ්‍යෙෂ්ඨ හමුදා මාණ්ඩලික සාකච්ඡා, තොරතුරු හුවමාරු වැඩසටහන්, සීඝ්‍රයෙන් දියුණු වන ආරක්‍ෂක මෙන්ම ආරක්‍ෂක තාක්‍ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වඩා වෘත්තීයමය ආකාරයකින් සිදුකිරීම සහතික කෙරේ.

මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 5ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම අවබෝධතා ගිවිසුම ඉන්පසු වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් ඊට අදාළව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට හා ඒ ඔස්සේ ලබාගන්නා නිගමන ඔස්සේ ගිවිසුම අවසන් කිරීම සමාලෝචනය කිරීමට යටත්ව, එසේ කිරීමට අවශ්‍ය නම්, පෙර කී පූර්ව දැනුම්දීමට සමාන දැනුම්දීමක් ඔස්සේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ඇත”.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශිෂ්ට රාජ්‍ය සම්මාන පිරිනමමින් මෝදි පිළිගැනෙයි…

Next Post

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනපති කාර්යාලයට පැමිණෙයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.