ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදෙන ඉන්දීය අග්‍රාමාතය නරෙන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය අද (05) පෙරවරුවේ රාජ්‍ය ගෞරවය එක් කළ ත්‍රිවිධ හමුදා උත්තමාචාර මැද අති උත්කර්ෂවත් අන්දමින් සිදුවුනේය..

අශ්වාරෝහකයින් ප්රමුඛ විචිත්‍ර රිය පෙරහරකින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිදහස් චතුරශ්‍රය වෙත කැඳවාගෙන පැමිණියේය. මේ ඇරඹී ඇත්තේ ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කරන සිව්වන නිල සංචාරය ය. නව රජය රාජ්‍ය පාලනය ආරම්භ කළ පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලංකාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙයය.
විචිත්‍ර රිය පෙරහරකින් නිදහස් චතුරශ්‍රයට කැඳවාගෙන පැමිණි ඉන්දීය අගමැතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනි. අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැතිවරයා රත් පලසින් සරසන ලද පීඨිකාව වෙත කැඳවාගෙන ගියේය.
ඉන් අනතුරුව දෙරටේ ජාතික ගී වාදනය කෙරනි. අනතුරුව ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ කෙරිණ. විදේශ රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම රාජ්‍ය සම්මානය වූ සම්මාන වෙඩිමුර 19කින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිලිගැනුනි. අනතුරුව ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රභූ සම්මාන පිළිගැනීමෙන් අනතුරුව ඉන්දු – ශ්‍රී ලංකා නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මෙවර සංචාරයේ නිරත වෙයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කතානායක ජගත් වික්‍රමරත්න, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් ද, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
පහත දැක්වෙන්නේ ඉන්දිය මාධ්‍ය මෙම අවස්ථාව ආවරණය කර තිබූ අයුරුය…
;







