පසුගිය සතියේ සිදුවූ දැවැන්ත භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා මහනුවර ශ්‍රි දළඳා මාලිගාව සහ මල්වතු සහ අස්ගිරි මහා විහාරයන් මඟින් රුපියල් ලක්ෂ 150ක මූල්‍යාධාර පරිත්‍යාග කිරීම ඊයේ සිදුවිය. ඊයේ (02 ) සවස ශ්‍රි දළඳා මාලිගාවේදී මහා නාහිමිවරුන් , අනුනායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය මියන්මාර වැසියන්ට සෙත් පතා පිරිත් දේශනාවක් පැවැත්වූ අතර මෙම මහා විපතින් මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදනා කිරීමද සිදුවිය.
ශ්‍රි ලංකාවේ මියන්මාර තානාපතිනිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී අස්ගිරි මහා මහා නාහිමියන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අතින් මෙම මුදල් තානාපතිනිය වෙත ලබා දීම සිදු කෙරිණ.








