කීර්ති ප්‍රනාන්දු –
-
පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයා දැඩි ලෙස අසාධ්‍යව රෝහල්ගත කරන විටත් මිය ගිහින්… රෝහලට ගෙනාවේ මළ මිනිය බව මිනුවන්ගොඩ රෝහල කියයි!
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකදී පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයෙකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය හඳුනාගෙන ඇත .
මරණය සම්බන්ධව පරීක්ෂණ පවත්වන පොලිසිය අත්වලට මාංචු දමා කකුල් වලට යකඩ දම්වැල් දමා පහරදී ඇති බවට කියවෙන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද කියයි.
දැඩි ලෙස අසාධ්‍යව සිටි ඇති තරුණයාව මිනුවන්ගොඩ රෝහලට රැගෙන එන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරුන් පවසා සිටි බව පොලිසිය පවසයි .
මියගිය තරුණයා තදින්ම මත්පැන් පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහුව පුනරුත්ථාපනය කිරීම සඳහා ඉකුත් විසිහතරවෙනිදා පුනරුත්ථාපන මධ්‍යස්ථාන හිමිකරු සහ ඔහුගේ ගෝලයකු මිය ගිය තරුණයාගේ නිවසට ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ බවද පොලිසිය කියා සිටී.







