රුචිර ජයදේව –
රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂට එරෙහිව විභාගවන කුප්‍රකට” ක්‍රිෂ් නඩුව” විභාග කරමින් සිටි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉවත් වුනේය.
දැන් 21 වැනිදා මෙම නඩුව වෙනත් විනිසුරුවරයෙක් යටතේ කැඳවීමට නියමිතය.
අද දවසේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ මෙම ඉවත් වීමය. මංජුල තිලකරත්න යනු අධිකරණ ක්ෂේත්රයේ විශාල ගෞරවයට පාත්‍ර වූ විනිසුරුවරයෙකි. ඔහු නඩුවෙන් ඉවත් වන්නේ, දැනට ලංකාවේත් නැති, එහෙත් රටේ දේශපාලනයට බලපෑම් පුද්ගලයින් ලෙස සමාජ මාධ්‍ය හරහා තවමත් පෙනී සිටින මේ රටේ හිටපු මාධ්යකරුවන්වන දෙදෙනෙක්වන පොද්දල ජයන්ත සහ සනත් බාලසූරිය විසින් මුහුණු පොත හරහා විනිසුරු මංජුල තිලකරත්න සම්බන්ධව සමාජගත කළ දුෂ්මතයන්ය.
මේ පුද්ගලයින් තමන් කළ විවේචනය මේ වනවිට තමන්ගේ ෆේස් බුක් ගිනුම්වලින් ඉවත් කරගෙන ඇත. ඒ අතපසුවීමක් සිදුවී ඇති බවට සමාව ඉල්ලමිනි. කෙසේ වෙතත් ඔවුන් අතින් සිදුවූ අතපසුවීම අවසානයේ දී නාමල් රාජපක්ගේ නඩුව නාමල් රාජපක්ෂට වාසි දායක ලෙස අර්බුදයකට ලක් කර ඇති බව නම් කිව යුතුව තිබේ.
විනිසුරු මංජුල තිලකරත්න අද තමන් මේ නඩුවෙන් ඉවත්වන හේතුව විවෘත අධිකරණයේ දී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය.
“මෙම නඩුව සහ මා සම්බන්ධව සනත් බාලසූරිය, පොද්දල ජයන්ත යන පුද්ගලයින් මුහුණු පොත හරහා යම් ප්‍රකාශයක් මුදා හැර තිබෙන බව මහාධිකරණ රෙජිස්ටාර්වරයා මා වෙත දැනුම් දුන්නා. ”
එම දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධව සවිස්තරාමක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මම මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත නියෝග කළා. එම නියෝගය අනුව සවිස්තරාත්මක වාර්තාවක් ඉකුත් පෙබරවාරි මස 18 වැනිදා මහාධිකරණ රෙජිස්ටාර්වරයා මා හට ලබා දුන්නා.
එම වාර්තාව අනුව මුහුණු පොත හරහා බෙදා හැ තිබෙන එම ප්‍රකාශයන් සාවද්‍යයයි. එම ප්‍රකාශයන් තුළින් අධිකරණයට අපහාස වී ඇති ද කියා විමසා බැලිය යුතුයි.
නමුත් එය මා විසින් සිදු නොකළ යුතුයි. ඒ නිසා වෙනත් සුදුසු මහාධිකරණ විනිසුරුවරයෙක් හමුවේ ඒ සම්බන්ධව සලකා බැලිය යුතු වෙනවා.
ඒ වගේම මෙම ප්‍රකාශ තුළින් මෙම නඩු කටයුත්ත සම්බන්ධව මෙම අධිකරණයෙන් නිසි ආකාරව යුක්තිය පසිඳලීම සිදු නොවන බවට සමාජයේ යම් පිරිසක් තුළ මේ වනවිට සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා.
යුක්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පූර්ණ හැකියාව මෙම අධිකරණය සතුව තිබෙනවා.
නිසි පරිදි සාක්ෂි විශ්ලේෂණය කර මෙම අධිකරණය හමුවේ නඩුව විභාගයට ගැනීමට කිසිදු බාධාවක් නුසුදුසු බවක් නෑ. මුහුණුපොත මගින් සංසරණය වී ඇත්තේ දුර්මතයක් වුව ද මේ වනවිට එය යම් පිරිසක ගේ සමාජ මතය වී තිබෙනවා.
එම නිසා මෙම නඩු කටයුත්ත මෙම අධිකරණය හමුවේ ඉදිරියට නොපවත්වාගෙන යෑමට මම තීරණය කළා. ” මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න කීවේය.
දැන් ඇති වී තිබෙන තත්ත්වය සංකීරණය. නඩුව විභාගය සඳහා සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ වෙත යොමු කරනු ලැබුවේය. ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ඉදිරියට කරගෙන යෑම සඳහා මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක නම් කළේය. නමුත් ඔහු පුද්ගලික හේතූන් මත සිය අධිකරණයේ විභාගයට ගැනීමට අකමැති බව දන්වා සිටියේය.
දැන් නාමල්ගේ ක්‍රිෂ් නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙක් නම් කිරීම සදහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කිරීමට පියවර ගන්නා බව නඩුවෙන් ඉවත් වූ දෙවැනි විනිසුරුවයා වන සුජීව නිශ්ශංක ප්‍රකාශ කර ඇත.
මේ වනවිට ෆේස් බුක් ගොබ්බයෝ නැවත වරක් ගොං කතා කියමින් සිටිති. මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මේ නඩුවෙන් ඉවත්වීමෙන් පොද්ද්ල ජයන්ත සහ සනත් බාලසූරිය කියූ කතා සනාථ වී ඇතැයි ඔවුහු කියමින් යති. මේ අවිචාරය කොතනින් කෙළවරනු ඇතිදැයි අපට අදහසක් නැත.
එහෙත් අගක් මුලක් නොදැන නිසි අධ්‍යයනයකින් තොරව සංවේදී කරුණු පිළිබඳව මං පොර පදනමින් පොර ටෝක් දෙන්නට ගොස් ඇනගන්නා විට සිදුවන හානිය බරපතල බව නම් කිව යුතුව තිබේ. එය ආපසු කැරකී එනු ඇත්තේ බලු කූඩුවල කූරු ගනින්නට සිදුවන ව්‍යසනයක් සමග විය හැකිය.







