දිනසේන රතුගමගේ –
ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ප්රශ්නය ගැන මුහුණට මුහුණ සාකච්ඡා කිරීම පිණිස ඉන්දියාවේ රාමේස්වරන් පළාතේ ධීවර සංගම්වල ප්‍රධානීන් පස් දෙනෙකු යාපනයට පැමිණ තිබේ.
ඊයේ ( 25) ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් මගින් පැමිණි මෙම ඉන්දීය ධීවර සංගම් නියෝජිතයන් වනනේ රාමනාදපුරම් හා රාමේස්වරන් දිස්ත්‍රික්කයේ ජේසුරාජා, ඇල්වින්, සකායම්, ජස්ටින් සහ ජර්මේනියස් යන අයය.
ශ්‍රී ලාංකික ධීවරයින් වෙනුවෙන් සුබ්‍රමනියම් (යාපනය), මරියා රාජා (මුල්ලයිතිව්), ආලම් (මන්නාරම), ෆ්‍රැන්සිස් (කිලිනොච්චි), ඇන්තනි පිල්ලෙයි (කිලිනොච්චි), ශංකර් (මන්නාරම), රාමචන්ද්‍රන් (යාපනය), ඇනා රාජා (යාපනය) සහ වර්ණකුලසිංහම් (යාපනය) ඇතුළු දොළොස් දෙනෙක් මෙම සාකච්ඡාවලට සහභාගී වෙති.
යාපනයේදී හා වවුනියාවේදී මේ සම්බ්න්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
දෙරටේ ධීවර නායකයින් විසින් ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් වාර්තාවක් පිළියෙළ කිරීමට නියමිතය.
එම වාර්තාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර සිං මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහුට බාර දීමටද ධීවර සංගම් නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.







