ඊයේ (24) රාත්‍රියේ වැලිගම ප්‍රදේශයේදී 21 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසීය.
තියුණු ආයුධවලින් සන්නද්ධව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පැහැර ගැනීම සිදු කර ඇත.
ඇඟළුම් කම්හලක සේවය කරන මෙම කාන්තාව තම සේවා මුරය අවසන් කර නිවස බලා යමින් සිටියදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත.
සැකකරුවන් ඇය පැහැර ගැනීමට පෙර ඇගේ සැමියා හඹා ගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







