පළාත් පාලන ආයතන වලට බොහෝ දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ලෙස තරඟ වැදීමට මෙවර බොහෝ පිරිසක් දැඩි මැලිකමක් දක්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බොහෝ දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට අපේක්ෂකයන් තෝරා ගැනීම මෙවර ලොකු අභියෝගයක්වී තිබූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් දේශපාලන පක්ෂ වලට ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට පවා නොහැකි වී ඇත්තේ මේ තත්වය හේතුවෙන් බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ සමහර අපේක්ෂක ලයිස්තු කඩිමුඩියේ සකස් කිරීමට සිදුවීම නිසා ඇති වූ අඩුපාඩු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප කෙරුණු බව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීහු පෙන්වා දෙති.
පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් සූදානම් කර ගැනීමට මේ මන්දෝත්සාහි තත්ත්වය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මෙවර දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවද වාර්තාවේ. ( සුජිත් හේවාජූලිගේ – ලංකාදීප)







