දෙවිනුවර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැක කරුවන් 03 ක් අත් අඩංගුවට ගෙන තිබේ.
දෙවුන්දර ශ්රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපි ට දී ඊයේ (21) රාත්රියේ දී මෙම තරුණයින් දෙදෙනා රිය අනතුරකට ලක් කර බිම වැටුණ පසු ටී -56 සහ මිලි මීටර් 9 පිස්තෝල ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
අත් අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවක් දෙ වේ. සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවය.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 29 හැවිරිදි පසිඳු තාරක හා 28 හැවිරිදි යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙකි.







