මනම්පිටිය – නිමල් ජයරත්න
වැලිකන්ද පොලිසිය මගින් මීට මාස කීපයකට පෙර අත් අඩංගුවට ගත් එල ගවයින් විසිදෙනෙකු, සැකකරුවන් දෙදෙනකු සමග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම එළ ගවයන් රජයේ ගොවිපලකට භාරදීමට නියෝග කර තිබියදී, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ සිද්ධියකට චෝදනා ලැබ සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් එන්.අන්සර් සදාත් අද (18) පොලිසියට නියෝග කළේය.
අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද ලබා දුන්නේය.
අදාල සිද්ධිය සම්බන්ධ වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහේස්ත්රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයාද පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා තිබේ.

ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා විසින් බාරදී තිබිණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් 18 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවට උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇත.
ඩී 982025 /02 අංකය යටතේ විභාගවන මෙම නඩුවට අදාළ අදාළා පොලිස් ස්ථානාධිපතිවරයා එරෙහිව වරෙන්තුවක් නිකුත්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් අන්සර් සදාෙ පොලිසියට මෙහිදී නියෝග කලේය.







