ඇඹිලිපිටිය රෝහල තුළ ඇති වී තිබෙන අර්බුධකාරි තත්තවය සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේදී කොතලාවල රෝහල තුළ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති, සේවා අධ්යක්ෂ ජනරාල් , සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පවත්වා මූල්‍ය අක්රමිකතාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති ඇඹිලිපිටි රෝහල් අධ්යක්ෂවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර ඔහුට ස්ථාන මාරුවක් ලබා දීම මෙහිදී එකඟ වි ඇතැයි වාර්තාවේ.
මේ බව සෞඛ්‍ය ඇමතිවරයා ඇඹිලිපිටිය රෝහල් කාර්යාමණ්ඩයට පවා දැනුම් දී ඇතැයි වාර්තාවේ.
කෙසේ නමුත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඇඹිලිපිටිය රෝහල් අධ්යක්ෂවරයා පෞද්ගලිකවම සෞඛ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ සහ සෞඛ්‍ය ලේකම්වරයාව හමුවී ඇත.
මෙම පෞද්ගලික සාකච්ඡාවේදී මොහු ඉල්ලා ඇත්තේ කාසල් විදියේ කාන්තා රෝහලේ ගුණාත්මක සහ ආරක්ෂිත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ තනතුර ලබා දෙන මෙන්ය.
මෙම වෛද්‍යවරයාගේ මෙම ඉල්ලිම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා අනුමත කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇඹිලිපිටිය රෝහල තුල මූල්‍ය අක්රමිකතාවන් රැසක් සිදුකර ඇති මෙම අධ්යක්ෂවරයා මීට පෙරද අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාව සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාව සිටි කාලයේදි අර්බුද ඇතිකරගත් නිලධාරියෙක් බව ද සාක්ෂි පවතී.
එවැනි අර්බුද ඇතිකර ගනිමින් කොළඹ පැමිණි මෙම වෛද්‍යවරයාට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් සහ එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබා දී ඇත්තේ පෞද්ගලික රෝහල් අධ්යක්ෂ තනතුරක් බවද පැවසේ.
මොහු මෙම අධ්යක්ෂ තනතුරේ සිටිමින් ප්‍රජනන කටයුතු සහ මව්කිරි කළමනාකරණය පිලිබඳ විශේෂඥවරයෙක් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් පවත්වන බවද වාර්තාවේ.
මූල්‍ය අක්රමිතනාවන් සිදුකරමින් නිතර නිතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල සමඟ ගැටලු ඇති කර ගන්නා අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරික්ෂණ සිදුකර දඩුවම් ලබා දීම වෙනුවට සිදුකරනුයේ ඔවුන් උසස්විම් ලබා දිම යැයි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දැඩි කාථාබහට ලක්ව ඇතැයි වාර්තාවේ.







