1990 සපුගස්කන්ද පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටිය දී ඝාතනය වූ උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ඔහුගේ සොහොයුරෙක් වූ පාලිත මනුවර්ණ අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේය.
රෝහිත ප්‍රියදර්ශනව ඝාතනය කරන්නේ 1990 වසරේ පෙබරවාරි 20 වැනි දිනය.
මෙම අපරාධය මෙහෙයවූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, එවකට සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්, සහ සපුගස්කන්ද පොලිසියේ එවකට ස්ථානාධිපතිව සිටි කීර්ති අත්පත්තු වහාම අත් අඩංගුවට ගන්නා ලෙසත් සිය සහෝදරයාට යුක්තිය ඉටු කරන ලෙසත් ඉල්ලා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව පාලිත මනුවර්ණ මාධ්‍යය වෙත පැවසුවේය.
ඔහු කීවේ තමන් රැගෙන පැමිණි ලිඛිත සාක්ෂි සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුරා පැය තුනක් තිස්සේ තම කටඋත්තරය සටහන් කර ගත් බවය.
රෝහිත ප්‍රියදර්ශන ඝාතනය පිළිබඳව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන්නේ මොනවා ද?
උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන පිළිබඳව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැඩි අවධානයක් යොමු වී තිබේ. එම වාර්තාවේ පිටු අංක 148 සිට පිටු අංක 152 දක්වා වූ කොටසේ රෝහිත ප්‍රියදර්ශන ඝාතනය සම්බන්ධව මෙසේ වාර්තා කර ඇත.
මෙම පසුබිම ගැන සැළකිලිමත්ව උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන්වීමට සම්බන්ධව කෙළින්ම කරුණු සළකා බැලීමට අපි අදහස් කරමු.
1. රෝහිත ප්‍රියදර්ශන ශ්‍රී ලංකා පොලිසියේ තරුණ උද්යෝගීමත් නිලධාරියෙක් විය. ඔහු අවංක හා නිර්භීත තැනැත්තෙක් විය. ඔහු කැළණිය ප්‍රදේශයේ නිරාකරණය නොකරන ලද අපරාධ පිළිබඳ ප්‍රශ්න විසඳීමට සමත් විය. ඔහුගේ නිල රාජකාරි ඉටුකිරීමේදී සහ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේදී ඔහු අපරාධකරුවන්ගේ දේශපාලන සබඳතා තැකුවේ නැත.
IL සපුගස්කන්ද පොලිස් ස්ථානයට ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී හා ඔහු (රෝහිත ප්‍රියදර්ශන) 1990 පෙබරවාරි මස 20 වන දින අතුරුදහන් වන තුරු රෝහිත ප්‍රියදර්ශන අනුයුක්තව සිටියේ සපුගස්කන්ද පොලිස් ස්ථානයටය.
11. සපුගස්කන්ද පොලිස් ස්ථානයට ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ රෝහිත ප්‍රියදර්ශන අනිකුත් නිලධාරීන්ද සමග රාජකාරි සඳහා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් සිටි අතර, පිපිරීම හා තුවක්කු වෙඩි ශබ්දය ඇසීමෙන් පසු පොලිස් ස්ථානය කරා වහාම පැමිණියේය.
IV. රෝහිත ප්‍රියදර්ශන, සපුගස්කන්ද පොලිස් ස්ථානයට එල්ලවූ ප්‍රහාරයට හා ඊට සම්බන්ධ කුමන්ත්‍රණයට කිසි ලෙසකිනුත් සම්බන්ධ බවට සාක්ෂි නැත.
V 1990 පෙබරවාරි මස මුල හරියේ දිනයකදී රෝහිත ප්‍රියදර්ශන තවත් පොලිස් නිලධාරීන් ඇතැමෙකු සමඟ බරපතල අපරාධ කිරීමට සම්බන්ධ සැකකරුවකු වූ ටියුඩර් පෙරේරා නැමැත්තෙක් අත්අඩංගුවට ගත්තේය. එකී ටියුඩර් පෙරේරාද ඉහත සඳහන් සුනිල් පෙරේරා කොහොත් ගෝනවල සුනිල්ගේ බැණා කෙනෙක් විය.
VI ඉහතින් සඳහන් ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසු එම සැකකරු (ටියුඩර් පෙරේරා) තත්වාකාර පොලිස් භාරයේ සිටියදී අතුරුදහත්විය. නියම වශයෙන්ම කුමන තත්ත්වයන් යටතේ සැකකරු අතුරුදහන් වුයේද යන වග තහවුරු වී නැත. එම සැකකරු අතුරු දහන්වීමෙන් පසු එය ගැන උනන්දුව දැක්වූ හා අපහසුවට පත් පාර්ශවයන් (ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළුව) විසින් ටියුවර් පෙරේරා අතුරු දහන්වීම ගැන රෝහිත ප්‍රියදර්ශන වගකිව යුතු බවට චෝදනා එල්ල කරන ලදී.
VII. ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බවට ටියුඩර් පෙරේරාගේ කිට්ටු නෑදැයෝ රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කළහ.
VIII. 1990 පෙබරවාරි මස 20 වන දින රාත්‍රී රෝහිත ප්‍රිය දර්ශන සපුගස්කන්ද පොලිස් ස්ථානයේ රාජකාරි භාර නිලධාරියා ලෙස (S.D.O.) කටයුතු කළේය. එසේ කරන ලද්දේ පොලිස් ස්ථානයේ කාර්ය භාර නිලධාරියා වූ පොලිස් පරික්ෂක කීර්ති අතපත්තු බියගම විලේජ් හෝටලයේ පැවති සාකච්ජාවකට සහභාගිවීමට ගොස් සිටි බැවිනි.
IX. පෙබරවාරි මස 20 වන දින රාත්‍රී 8.00 ට පමණ පෙරකී පොලිස් පරීක්ෂක අතපත්තු රෝහිත ප්‍රියදර්ශනට සපුගස්කන්ද පොලිස් ස්ථානයට දුරකථන පණිවිඩයක් දී ඔහුට බියගම විලේජ් හෝටලයට පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.
X ඊට මඳ වෙලාවකට පසු රෝහිත ප්‍රියදර්ශන බියගම විලේජ් හෝටලයට යනු පිණිස සපුගස්කන්ද පොලිස් ස්ථානයෙන් පිටතට ගියේය. එතැන් පටන් රෝහිත ප්‍රියදර්ශන සපුගස්කන්ද පොලිස් ස්ථානයට හෝ ඔහුගේ නිවසට ආපසු පැමිණියේ නැත.
XI නැති වූ රෝහිත ප්‍රියදර්ශන සොයා ගැනීමට හෝ ඔහුට කුමක් වුයේද යන්න සොයා බැලීමට පොලිස් බලධාරීන් විසින් නිසි ප්රයත්තයක් දරනු ලැබුවේ නැත.
XII. පෙබරවාරි මස 23 වන දින හෝ ඊට ආසන්න දිනයකදී රෝහිත ප්‍රියදර්ශනගේ සිරුර පෑලියගොඩ පොලිස් ස්ථානය පිටුපස කැළණි ගඟේ පාවෙමින් තිබී හමුවිය
XIII. රෝහිත ප්‍රියදර්ශනගේ මරණය ගැන විමර්ශනය කිරීමට නිසි ආකාර වූ ප්රයත්නයක් දරනු ලැබූයේ නැත. එහෙත් පොලිස් සේවයේ සිටි ඔහුගේ පෞද්ගලික මිතුරෝ ( අජිත් ජයසිංහ ඇතුළුව) ඔහු සොයා ගැනීමට හා ඔහුගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න සොයා ගැනීමට වීරෝදාර ලෙස ප්‍රන්ත දැරූහ.
XIV. රෝහිත ප්රියදර්ශත ඝාතනය කරනු ලැබ ඇත්තේය යන්න පිළිගැනීමට කැළණිය ප්‍රදේශයේ පොලිස් බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.
XV අවශ්‍ය විමර්ශන කරනු වෙනුවට අදාළ බලධාරීහු රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන්ව ඊට පසුව මරණයට පත්වීම සම්බන්ධ නියම තත්ත්වයන් යටපත් කිරීම අරමුණු කොට කරුණු වසන් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ.
XVI. රෝහිත ප්‍රියදර්ශන ” තනතුර අතහැර ගියා සේ සළකන” නිවේදනයක් නිකුත් කිරීම මෙම පියවරවලින් එකකි.
XVII. රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන්වී ඇත යන කරුණට පොලිස් බලධාරීන් පුළුල් ප්‍රචාරයක් දුන් අතර, ඔහු එසේ අතුරු දහන්වී තිබෙන්නේ සිය කැමැත්තෙන්ම බව අඟවනු ලැබීය. ඔහු එසේ අතුරු දහන්ව තිබෙන්නේ කදුරුවහේනගේ ජිනදාස නමැති සැකකරුවෙකු (එවකට පොලිස් භාරයේ සිටි) තමන් වරදට අසූ කරන තොරතුරු හෙළි කරනු ඇත යන බියෙන්ය යන්න ඇඟවීමට ඔවුහු තැත් කළහ.
XVIII. කදුරුව හේනගේ පිනදාස නොහොත් ජිනේ 1989 සිට 1990 දක්වා වන කාලය තුළ එක්තරා කාලසීමාවක් කැළණිය පොලිස් කොට්ඨාසයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්දන ඒකකය භාරයේ සිටි බවට ලබා ගැනීමට තිබෙන කරුණු වලින් පැහැදිලිවම පෙන්නුම් කෙරේ.
XIX. වාර්තා කර ගන්නා ලදැයි කියක පාපෝච්චාරණයක ස්වභාවයේ වූ ජිනේගේ ප්‍රකාශයක් වාර්තා කර ගැනීමට තුඩු දුන් සිද්ධීන්ගේ අනු පිළිවෙළ පිළිබඳ නිල විස්තරය ව්‍යාජ එකකි.
XX. කරන ලද්දේ යයි කියන එකී පාපෝච්චාරණය වාර්තා කර ගැනීම සම්බන්ධයෙන් ලබා ගැනීමට තිබෙන කරුණු එම පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දකැයි ඔප්පු කිරීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත.
XXI. පෙරකි ප්‍රකාශයෙහි, සපුගස්කන්ද පොලිස් ස්ථානයට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ තත්ත්වයන් පිළිබඳව වැදගත් වන අසත්‍යයන් අන්තර්ගත වේ.
XXIl. රෝහිත ප්‍රියදර්ශන හා අජිත් ජයසිංහ යන උප පොලිස් පරීක්ෂකයින් කෙළින්ම හෝ අනියමින් කිසිත් නීති විරෝධී හෝ අනිසි ක්‍රියාවකට සම්බන්ධ වූයේ යයි හෝ අදාළ යයි හෝ නිගමනයකට බැසීමට විශ්වාසය තැබීම සඳහා පෙරකී ප්‍රකාශය කිසිසේත් වටින්නේ නැත. පෙරකී නිලධාරීන් දෙදෙනා කිසිම ආකාරයකින් සපුගස්කන්ද පොලිසියට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ යයි හෝ එකී පොලිස් ස්ථානයේ බෝම්බයක් තැබීමෙන් හෝ/ සහ වෙඩි ද්‍රව්‍ය ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරියෙකුට දීමෙන් හෝ එකී ක්‍රියාවට ඕනෑ කමින් හෝ වෙනත් ආකාරයකින් ආධාර හෝ අනුබල දුන්නේ යයි හෝ අපහට නිගමනය කළ හැකි විශ්වසනීය කරුණු කිසිවක් නැත. එසේම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලට ආධාර කළේ යයි නිගමනය කිරීමට එබඳු කරුණු ඇත්තේද නැත.
XXVI. පෙරකී රෝහිත ප්‍රියදර්ශන අතුරු දහන්වීම සම්බන්ධයෙන් නිසි හා නිත්‍යානුකූල පියවර ගැනීමට නියෝජ්‍ය පොලිස්පති මෙරිල් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ සහ සහකාර පොලිස් අධිකාරී රාජා ඩයස් අසමත් වූහ.
XXVII. සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස්, රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් වීමට අනියමින් සම්බන්ධය. ඉහත සඳහන් රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන්වීමෙන් පසු ඔහු සොයා ගැනීමට අවංක පියවර ගත් අජිත් ජයසිංහ ඔහු විසින් පැහැර ගෙන ගොස් රඳවා තැබීමෙන් ප්‍රධාන වශයෙන්ම මේ සඳහා වූ සාක්ෂි ලැබේ.







