ශ්‍රියානි විජේසිංහ –
අනාරක්ෂිත සහ ජනශූන්‍ය ප්‍රදේශවල ග්‍රාම නිලධාරි කාර්යාල 8000ට වැඩි සංඛ්‍යාවක් පවතින බැවින් එම කාර්යාලවල සේවයේ නියුතු ග්‍රාමනිලධාරීවරියන්ට එම කාර්යාල වසා දමා තමන්ට ආරක්ෂිත ස්ථානයක රාජකාරියේ නියැලෙන්නයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන බොහෝ කාර්යාල ජන ශුන්‍ය සහ ඉතා අනාරක්ෂිත ස්ථානවල පවත්වාගෙන යාමට සිදුවී තිබිම හේතුකොටගෙන ග්‍රාම නිලධාරිනියන් අනාරක්ෂිත වී ඇති බව සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කරයි.
මේ අනුව ග්‍රාමනිලධාරිවරියන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් අද (14) රාත්‍රී 12.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් අවතිර්ණ වන බව හෙතෙම සඳහන් කරයි.
රාත්‍රියේදී යෙදෙන ආපදා මරණ ඇතුලු සියළුම රාජකාරිවලින් ඉවත් වීම, පෙරවරු 8.30 සිට ප.ව.1.00 දක්වා කාලය තුළ පමණක් කාර්යාලවල රැදි සිටීම වැනි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ගෙන් නියැලෙන බව ඔහු පෙන්වාදේ.
ග්‍රාම නිලධාරි වසම් 14022න් 50% පමණ ප්‍රමාණයක සේවයේ නියුතුව සිටිනුයේ ග්‍රාම නිලධාරිවරියන් වන අතර මොවුන්ගෙන් බහුතරයකට නිසි කාර්යාල ක්‍රමයක් හෝ ව්‍යුහයක් නොමැති වීම කාර්යාල ජනතාව අඩු ප්‍රදේශයන්හි පවත්වාගෙන යාම ඉතාම කණගාටුදායක් තත්ත්වයක් යැයි ජාතික සංවිධායක වරයා පෙන්වාදේ.







