බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බටලන්දේ මහා වධකයාගේ ඉරණම තීන්දුවන හැටි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් කියයි!

by editor
මාර්තු 14, 2025
in පුවත්
batalanda
Share on FacebookShare on Twitter

මෙතෙක් නීතිපතිවරයා වෙත යොමු කර නොතිබුණ බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත යොමු කිරීමටත්, බටලන්ද කොමිසම මගින් ලබා දුන් නිර්දේශ පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සදහා උපදෙස් යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ ජනාධිපති කමිටුවක් පත් කිරීමටත්, මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීමටත් රජය තීරණය කර ඇති බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානයක බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට දැන්වීය.

මෙම කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් බටලන්ද මහ වධකයා ඇතුළු චූදිතයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් ලෙස රජය එකඟ වී ඇති බව ද පරපුරක් අනන්ත වද බන්ධනයට ලක් කර විනාශ කළ ම්ලේච්ඡ යුගයක් නැවත ඇති නොවීම සඳහා එය ජනතා රජයක් විසින් සිදු කළ යුතු නියත වගකීමක් බව ද සභානායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

වාර්තාව ඉදිරිපත් කරමින් සභානායක බිමල් රත්නායක මෙසේ ද පැවසුවේය.

“ඒකාධිපති භීෂණකාරී 1987-90 සිවිල් යුද වකවානුවේ එවකට පැවති ආණ්ඩුවේ මැදිහත්වීමෙන් පවත්වාගෙන ගිය දහසකුත් එකක් අපරාධ මැද බටලන්දේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදුකරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් පිළිබඳව මේ වනවිට ජාතික හා ජාත්‍යාන්තරව උනන්දුවක් ඇති වී තිබේ.”

“1977 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කර 1994 දී සිදුවූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේම මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනය බිඳ දමා 17 වසරක සාපයට එරෙහිව යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එම 17 වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මරා දැමූ දස දහස් ගණන් ජනතාවට යුක්තිය ඉටු කිරීමයි.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“සූරියකන්ද වැනි සමූහ මිනීවලවල් පිළිබඳව ද බටලන්ද ආදී වධකාගාර පිළිබඳව ද එවකට සිටි නායකයින් ඒ ස්ථානවලටම ගොස් හෙළිදරව් කිරීමේ දී ජනතාව බලාපොරොත්තු වූයේ එම යුක්තිය ඉටු කරගැනීමයි. තම ආදරණීයන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. එම ඝාතකයින් නීතිය හමුවට පැමණවීමයි. එම කෲර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ”

“ඒ අනුව 1995 සැප්තැම්බර් මස 21 වැනි දින 1948 අංක 14 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ද නැවතත් 1995 දෙසැම්බර් මස 15 වැනි දින නව අධිකාරී පත්‍රයක් මගින් ද 1995 දෙසැම්බර් මස 19 වැනි දින අංක 902/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ද මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පිහිටවා පවත්වා ගැනීම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නියෝගයකින් ස්ථාපිත කෙරිනි.”

“කොමිසමේ කාල සීමාව වරින් වර දීර්ඝ කිරීමෙන් පසුව එහි අවසන් වාර්තාව 1998 මැයි මස 28 වැනිදා කොමිෂන් සභාවේ ලේකම් ජී,කේ.ජී පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන තිබුණේය.”

අවසන් වාර්තාවේ පිටපතක් ද සහිතව මැයි මස 20 දා ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ වෙත භාර දී ඇති බව ජනාධිපති ලේකම් වෙත කොමිසමේ සභාපතිවරයා දන්වා තිබූ ආකාරය සභානායකවරයා එම ලිපිය උපුටා දක්වමින් සභාවට දැනුම් දුන්නේය.

“කතානායක තුමනි… මෙම වාර්තාවත් මීට ඇතුළත් සාක්ෂි සටහන් සහිත පිටු දහස් ගණනක වාර්තාව සමන්විත වී ඇත්තේ මේ වධකාගාර තුළ අනන්ත වද වේදනා විඳි, එමෙන්ම තමන් සාක්ෂි දෙන මෙහොතේ පවා එම වධකයින් බලවත් තනතුරුවල විරාජමානව සිටිය දී ඔවුන්ගේ පන්ති මිතුරන් එකී වධකයින් රකිමින් සිටිය දී, දහස් ගණන් පුද්ගලයින් ජීවිත අනතුරු සහිතව සිටිය දී එම ජීවිත අනතුරු නොතකමින් මෙම කොමිසමට පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වීම නිසා බව ඔබතුමා හොඳින් දනී.”

“එමෙන්ම තම පියා පුතා සහෝදරයා සහෝදරිය සාහසික ලෙස පැහැරගෙන ගොස් දෙතිස් වද දී ඝාතනය කිරීමේ වේදනාව හදවත පතුළේ රඳවාගෙන එය සදහටම අමතක කිරීමේ අමාරු උත්සාහයක සිටි මනෝරාණී සරවනමුත්තු ඇතුළු දහස් ගණන් අම්මාවරුන්, පියවරුන්, දූ දරුවන්, පෙම්වතුන්, පෙම්වතියන් සොයුර සොයුරියන් එම තුවාල නැවත නැවතත් පාරා ගනිමින්, ක්ලාන්ත වී වැටෙමින් මෙම කොමිෂන් මගින් තම ආදරණීයන්ට යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාසයෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබතුමා පිළිගනු ඇතැයි මම සිතමි.”

“ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 1998 මැයි මස 22 දින පෙර දිනක එවකට ජනාධිපති චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග මහත්මියට කොමිෂන් සභාව මගින් බාර දී තිබිය යුතු බව පැහැදිලි වේ.”

“එසේ වුව ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මෙම වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකල හේතුව එවකට අපහැදිලි වුවත් අද අහස සේ පැහැදිලිය. ”

“එමෙන්ම වර්ෂ 2000 මාර්තු මස 16 දින රජයේ මුද්‍රනාලායාධිපති අමතමින් ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලියු ජේ.එස් කරුණාරත්න මහතාගේ ලිපියකින්ම පැහැදිලි වන්නේ වාර්තා මුද්‍රණය කර සිංහල පිටපත් 500ක් හා දෙමළ පිටපත් 250ක් මුද්‍රණය කර තිබුණු ආකාරයයි.”

“නමුත් පුදුමයක මහත වන්නේ එම මුද්‍රිත වාර්තා 750න් එකක් හෝ නීතිපතිවරයා වෙත යොමුකර නොතිබීමය. කොමිෂමෙන් නිර්දේශිත සැබෑ අපරාධකරුවන්ට දඬුවම් නොකිරීම හෝ එම නිර්දේශ ක්‍රියාත්මක නොකර එය මැතිවරණවලදී දේශපාලන පන්දුවක් ලෙස යොදා ගත් බව පැහැදිලිය.”

“එමෙන්ම කොමිසමේ ප්‍රධාන චූදිතයාම මෑතක දී අල් ජසීරාවට ප්‍රකාශ කළ පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නොමැත.
ජීවිත අනතුරු නොසලකා හරිමින්, හදවතේ ගැඹුරු තැන්වල තිබෙන තුවාල නැවත නැවතත් පාරා ගනිමින් සාක්ෂි දීමට පැමිණි දස දහස් ගණන් මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ අතිශය සාධාරණ අභිලාෂයන් සහ මානුෂීය හැඟීම් පාවා දෙන ලද්දේත්, මරා දමන ලද්දේත් එපරිද්දෙනි.”

“1980 සිට වසර 35ක් ද, කොමිෂන් සභාව අරඹා වසර 30ක් ද, කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර 25ක් ද ගතවී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘද සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එය ජනගත කිරීමටත්, වගකීම පවරා ඇත.”

“අරගල කළ පරපුරක කඳුළුත්, ඔවුන්ට කළ මහපොළොව නුසුලන වද වේදනාවල ප්‍රමාණය සලකද්දී ඒවාට අලගු තැබීමටවත් මෙම පිටු 208කින් යුතු වාර්තාව නොහැකිවන බව අපි දනිමු. මෙම වාර්තාව මරා දමන ලද යෞවනයින්ගේ සහ ඔවුන්ගේ ආදරණියන්ගේ වද වේදනාවන්ගෙන් හා සුසුම්වලින් අංශු මාත්‍රයක් නිකුත් කරන වාර්තාවක් වුව ද එය හැකි තරම් සාධාරණව සකස් කිරීමට දායක වූ කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන්ට සහ ඊට සහාය වූ සියලු දෙනාටම ස්තුතිය පල කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.”

“එමෙන්ම ඉතිහාසයේ පොදු ජනතාවට එරෙහිව අපරාධකළ අයම එම පොදු ජනතාව ධනයෙන් සහ බලයෙන් යටකොට 35 වසරක් තම අපරාධ රකිමින් තමන්ට නීතියේ රැහැනින් ගැලවී යා හැකි පරදි සියලු දේ සකස් කර ක්‍රියාත්මක කර තිබිණි. ”

“එමෙත් 2024 සැප්තැම්බර් 21 වැනිදා සියවස් ගණනක් පොදු ජනයා දුටු සිහිනය සැබෑ වීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබුණු එම වාර්තාව වසර 25කට පසු යළි හිරු එළිය දැක තිබේ.”

“අපේ මාතෘ භූමියේ අධ්‍යාත්මයේ ගැඹුරුම තැන්වල තැන්පත් වී ඇති සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑ කිරීමේ අරමුණ දිනවීම වෙනුවෙන් මරණය වැළඳගත් විජේදාස ලියනආරච්චි සහෝදරයා ඇතුළු පරම්පරාවක දුක් වේදනා සහ ඔවුන්ගේ අරගලය සහිත මහත් බරකින් යුතු මෙම වාර්තාව මම දැන් පාර්ලිමේන්තුවේ සභාගත කරමි.”

දකුණු ඇමරිකාවේ අන්දීස් ප්‍රදේශයේ ජාතික විමුක්ති ව්‍යාපාරයේ නායකයෙක් වූ “ටුපක් අමාරු” සිය හිස ගසන ගහලයින් ඉදිරියේ ප්‍රකාශ කළ පරිදිම…

” I will return. I will be millions.”

“මම නැවත එමි. ඒ මා වැනි මිලියන ගණනක් සමගිනි. ”

“එම අවංක සහ ප්‍රතිපත්ති ගරුක මිනිසුන් සහ ගැහැණුන් මරා දමා හරියටම පරම්පරාවකට පසු මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් එක් වී අපගේ අතීත පරම්රාව ආරම්භ කළ සටනේ පළමු අදියර ජයග්‍රහණය කර ඇති නිසාවෙන්ම අද මෙරට ජනතාවටත් ලොවටමත් දැන ගැනීමට හැකිවන පරිදි මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබී තිබේ.”

“මෙම වාර්තාව මාතෘභූමියේ අයිතිය පැහැර ගත්, මාතෘ භූමියේ අයිතිය පැහැර ගැනීමට උත්සාහ කළ ගහලයින් පිළිබඳව, ඔවුන්ගේ කෲරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ. මෙම වාර්තාව තම දේශපාලන උවමනාව වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුලුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේ ද යන්නත්, එම විනාශය හෙළිදරවු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලද ජන වරමක් තම පන්ති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් ජීවමාන සාක්ෂියක් ද වේ.”

“එමෙන්ම 25 වසරක් හිරු එළිය පවා නොවැටෙන්නට තැබූ වාර්තාවකට නීතියේ හා යුක්තියේ ආලෝකය වැටීම තුළින් එම වාර්තාවේ නිර්දේශයනට සාධාරණත්වය ඉටු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අනාගත පරම්පරාවන්ට සාක්ෂියක් ද වනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.”

“1989 දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දස දහස් ගණන් සහෝදර සහෝදරියන් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ සහ හදවතේ තැන්පත් වූ විශාල ගල්පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමාජිකයින්ගේ හිතවතුන්ගේ පමණක් නොව, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගෙන සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය සාධාරණ ශ්‍රි ලාංකිකයන්ගේ සිත් තුළ තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. ”

“2024 සැප්තැම්බර් 21 එම ගල් පර්වතයේ බරෙන් සැලකිය යුතු කොටසක් අපි සියලුදෙනාගේම හිත්වලින් නිදහස් කරගෙන තිබේ. නමුත් ඒ බර සම්පූර්ණයෙන් නිදහස් කරගත හැක්කේ ඒ සාධාරණ පොදු ජන අරගලය වෙනුවෙන් දිවි දුන් සහ අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වුන සෑම සියලු දෙනාටම යුක්තිය සහ සාධාරණය ඉටු වීමෙන් පමණි.”

“එය කළ හැක්කේ ජන මත විචාරණය නම් නීති විරෝධී චන්ද මංකොල්ලයකින් ශ්‍රි ලංකා රාජ්‍යයේ බලය පැහැරගෙන මුලු රටම විසාලා මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු අපරාධකරුවන්ට නීති මගින් කටයුතු කිරීමෙනි.”

“එමෙන්ම 1987-1990 මහා සිවිල් යුද්ධයකට මැදිවී එහි දී විවිධ දේශපාලන පැති ගැනීමට සිදුවූ, විවිධ දේශපාලන පැතිවලට සම්බන්ධ සහ සම්බන්ධ නැති පොදු ජනතාව මේ මහා යුද්ධයේ මූල හේතුව තේරුම් කර දෙමින් ද, පොදු ජනතාව අතර දේශපාලන පක්ෂ භේදයකින් තොරව මාතෘභූමිය ගොඩ නැන්වීමට මේ මෙහොතේ ඇති වී තිබෙන පොදු උනන්දුව තවත් ශක්තිමත්වන පරිදි සංහිඳියාවේ සහ සමාව දීමේ යෝධ දෑත්වලින් එම ගල් පර්වතය මාතෘ භූමියේ හෘද සාක්ෂියෙන් බිමට ගෙන මෙම මාතෘ භූමිය සදහටම එම හෘද සාක්ෂියේ බරෙන් නිදහස් කිරීමෙනි.”

“එම නිසා මෙම මහා සංහාරයන්හි සැබෑ ඝාතකයින් නීතිය ඉදිරියට පැමිණවීමටත්, එම ඝාතකයින් තම බලය රැක ගැනීම උදෙසා ක්‍රියාත්මක කළ නීති විරෝධී කුරිරු දේශපාලන උපක්‍රම නිසා එම කාලයේ දී  විවිධ පැති ගැනීමට සිදුවූ පොදු ජනයා අතර සංහිඳියාව සහ සහෝදරත්වය ශක්තිමත් කිරීමටත් නැවත කිසි දිනක අපගේ මාතෘ භූමිය තුළ එවැනි සාහසික යුගයක් ඇති නොවන පිරිදි කටයුතු කිරීමත් අධිශ්ඨාන කරගෙන මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව

  1. මේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමටත්
  2.  මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සදහා උපදෙස් යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත්,
  3. එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින 02ක විවාදයක් පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙමු.

එමෙන්ම මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි වාර්තා ත්‍රිත්වයෙන්ම මවිසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන මෙම වාර්තා මන්ත්‍රීවරුන්ගේ සහ පොදු ජනතාවගේ පරිහරණය සඳහා මුද්‍රණය කළ යුතු යැයි ද ඔබතුමාට යෝජනා කිරීමට අවස්ථාවක් කරගනිමි.

එමෙන්ම කොමිසමට අදාල සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මාතෘ භූමියේ මෙම බර නිදහස් කිරීමට යුක්තිය හා සාධරණත්වය වෙනුවෙන් කටයුතු කරන සෑම දෙනාටම ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිවේරිය වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි…

Next Post

රිලා සංගණනයට යන්න… පාර්ලිමේන්තුවේ අපටත් නිවාඩු දෙන්න. චාමර සම්පත් කතානායකගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.