බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදිනියගේ සැමියා දෙහිවල නීතිඥවරියකගේ නිවස අසල සැකකටයුතු ලෙස මරණයට පත් වීම –  අධිකරණ නියෝගයකින්  ඉදිරි  විමර්ශන CID ට…

by editor
මාර්තු 4, 2025
in පුවත්
SRIYANI

02දා අළුයම 1.13ට පොලිිසය නීතිඥවරියගේ නිවසට පැමිණි අවස්ථාව... වැටී සිටි පුද්ගලයා දෙස බලා ඔවුන් ආපසු ගොස් තිබිණි....

Share on FacebookShare on Twitter
  • ඝාතනයක් දැයි සැක සහිත සිද්ධිය පිළිබඳව දෙහිවල පොලිසිය විමර්ශන මගහැරලා… අධිකරණයේ දී හෙළි වෙයි…

තුවාල සහිතව ගල්කිස්සේ නීතිඥවරියකගේ නිවසක මිදුලේ  වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය ප්‍රකට  මාධ්‍යවේදිනියකවන ශ්‍රියානි විජේසිංහගේ   සැමියාගේ  මරණය සිදු වූ ආකාරය පිළිබඳ වැඩිදුර  විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය   අද (04) නියෝග කළාය.

මෙලෙස මිය ගොස් තිබුණේ  අගොස්තිනුගේ  සමරජීව නැමැති දෙහිවල වෛද්‍ය පාරේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය තැනැත්තාගේ බිරිය ජාතික පුවත්පත් කිහිපයක කර්තෘ මණ්ඩලයේ සේවය කළ ප්‍රකට මාධ්‍යවේදිනියකවන ශ්‍රියානි විජේසිංහය.

ත්‍රී රෝද රථයක් කුලී කරමින් රැකියාව කරන සමරජීව ජනවාරි මස 01 වැනිදා රැකියාවට ගොස්  නැවත නිවස කරා නොපැමිණිම නිසා  ඒ පිළිබඳව සොයා බැලීමේ දී  ඊට පසුදින එනම් ජනවාරි 2 වන දින දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ  තැළුම් පහරවල් සහිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් හමුවී ඇති අතර    ජනවාරි මස 03 වන දින උදෑසන ඔහු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිටින බවට නීතිඥවරියගේ  සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් විසින්  119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද දුරකතන ඇමතුමකට අනුව රාත්‍රී 11 ට පමණ දෙහිවල පොලිසියේ  නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලුවද තුවාල සහිත පුද්ගලයා එම අවස්ථාවෙහිදී රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු නොකිරීමත්, තුවාලකරු සෝදා ඔහුට වෙනත් ඇඳුම් ඇන්ඳවීමට කටයුතු කර තිබීමත් සැකයට තුඩු දෙනු ලබන බවත් මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මේ වන තෙක් නිසි විමර්ශනයක් සිදු කර නැති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු  අධිකරණය හමුවේ  පැවසීය.

සියලු කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය මරණයට හේතුව  මොට ආයුධයකින්  පහරදීමක් ලෙසට මරණ පරීක්ෂණ වාර්තාවේ  සඳහන් වී ඇති ආකාරය නීතිඥ ගීත්ම ප්‍රනාන්දු අධිකරණයට පෙන්වා දුන්නේය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මේ අවස්ථාවේ දී දෙහිවල පොලිසියේ ස්ථානාධිපතිවරයි අධිකරණය ද නොමග යවනසුළු ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධව වෙනත් චිත්‍රයක් මැවීමට කළ උත්සාහයේ දී නීතිඥ ගීත්ම ප්‍රනාන්දු  ඡායාරූප, වීඩියෝ දර්ශන ඉදිරිපත් කරමින් අධිකරණය ඉදිරියේ දෙහිවල පොලිසියේ  හැසිරීමත් මේ සිද්ධියේ බරපතල ප්‍රශ්න සහගත ස්වරූපයත්  සම්බන්ධව දැඩිව ප්‍රශ්න කර සිටියේය.

මරණය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියෙන් සාධාරණ විමර්ශනයක් සිදු කිරීම බලාපොරොත්තු විය නොහැකි බව අධිකරණයට අවධාරණය වීමෙන් අනතුරුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය  සිද්ධිය පිළිබඳ වැඩි දුර විමර්ශන කටයුතු සිදු කිරීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  භාර දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු , නීතිඥ රජී වසන්ත වෙල්ගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත් වූයේය.

මෙම නඩුව නැවත මාර්තු මස 18 වන දින කැඳවීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීම… වැලිගම හිටපු OIC භාරවෙයි… දේශබන්දු ඇතුළු 07ක් තවම නිදැල්ලේ!

Next Post

කඩු මැරයින් දෙදෙනෙක් ඊයේ යාපනයේ ව්‍යාපාරිකයෙකුට කොටන ආකාරය සීසීටීවී දර්ශන පෙළක…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.