ආර්ථික බිඳ වැටී වසංගතයකින් රට වෙලී ගිය අතිශය අර්බුදකාරි අවස්ථාවක සෞඛ්‍ය සේවය ඉහළ ගුණාත්මක බවින් අඛණ්ව පවත්වාගැනීම සඳහා කැපවුන හෙද හෙදියන් සඳහා දැනෙන වැටුප් වැඩිවීමක් කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් වී සකල විධ වරප්‍රසාද භුක්ති විඳිමින් මහජන මුදල් අවභාවිතා කළ පුද්ගලයෙක් ස්වකීය පුද්ගලික අභිමතය වෙනුවෙන් කරන කෙඳිරිල්ලට හසු නොවන ලෙස ඔහු වටා සිටින 350ක් පමණ වූ ඉතාම සුළු හෙද හෙදියන් ප්‍රමාණයෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද (01) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සභාපති සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිතිය විසින් මේ වනවිට කැඳවා ඇති හෙද වර්ජනය සම්බන්ධව අමාත්‍යාංශ මට්ටමින් ප්‍රකාශයක් කරමිනි.
එහිදී සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ ද පැවසුවේය.
40000 ක් හෙද හෙදියන් සෞඛ්‍ය සේවයේ ඉන්නවා. ඉන් සියයට 5යි පිරිමි. සාතිශය බහුතරය හෙදියන්.
ඒ අයටම බලා ගන්න පුලුවන්. අප්රේල්වලදි අතට දැනෙන වැටුපක් හෙද හෙදියන්ට ලැබෙනවා.
එහෙම තියෙද්දි හෙද හෙදියන් 350ක් පමණ එකතු කරගෙන එක්තරා පුද්ගලයෙක් මේ පිළිබඳව වැරදි මතයක් ප්‍රචාරය කරන්න හදනවා රාජ්‍ය සේවාව ඇතුළේ.
එයා කියලා තියනවා රාජ්‍ය සේවය ඇතුළෙ රුපියල් 20000ක් වක්‍රාකාරව කපලා කියලා. මේ එක් වෘත්තීය සමිති නායකයෙක්. එයා පෙන්වන්න හදන්නේ අර දීමනාවක් ලෙස තිබුණු රුපියල් 7500 මූලික වැටුපට එකතු වුනාම ඒක වැඩක් නෑ කියලා.
හැබැයි රාජ්‍ය සේවයේ නිරතවන අය දන්නවා දීමනාවක් මූලික වැටුපට එකතු වුනාට පස්සේ ඒකෙන් පැටවු ගහලා ප්රතිලාභ එනවා.
රුපියල් පන්දාහක් අපි වැඩි කරලා තියනවා. හැබැයි මේ අය පෙන්වන්න හදනවා ඕටී එක ගණන් හැදෙන්නේ ඩේලි එලවන්ස් එක ගණන් හැදෙන්නේ පී.එච් එක ගණන් හැදෙන්නේ අප්‍රේල් මාසේ මූලික වැටුප් වැඩිවීමට පමණයි කියලා.
අප්‍රේල් මාසේ එක අදියරකින් මේ අවුරුද්දේ වැඩි වෙනවා. ලබන අවුරුද්දේ ජනවාරිවල දෙවැනි අදියර. 2027 ජනවාරිවල තුන්වන අදියරය. හැබැයි ඒ තුන්වන අදියර දී මූලික වැටුප් වැඩිවීමට අදාලව තමයි අප්‍රේල් මාසේ ඕටී. එක හැදෙන්නේ. අප්‍රේල් මාසෙ පී.එච්. එක හැදෙන්නේ. අප්‍රේල් ඩේලි එලවන්ස් එක හැදෙන්නේ.
හැබැයි මේ හෙද හෙදියන් ඉතාම සුළු කණ්ඩායමක් නොමග යැවීම සඳහා මේ අය ඉදිරිපත් කරලා තියනවා කලබලයක් හදන්න. උපරිම මේකෙ ඇතුළෙ ඉන්නේ 350ක ප්‍රමාණයක්. හැබැයි මම කියන්නේ ඉතිරි 39600ට තේරෙන දේ මේ අයට නොතේරෙන විදිහක් නෑ.
මේක හෙද හෙදියන් 350-400ට අමතර දෙයක් ලබා දෙන්න නෙමෙයි. මම කරුණාකරලා කියන්නේ මේ නොමග යැවීමට මේ පොඩි කණ්ඩායමටවත් අහුවෙන්න එපා කියලා මම කියන්නේ. මේ තියෙන්නෙ මේකයි… රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පිං ජනාධිපතිකමට රිංගුවා ජනාධිපති ලේකම් කාර්යාලයට කෙනෙක්. වරප්‍රසාද ඔක්කොම භුක්ති වින්දා. හර්ෂණ නානායක්කාර ඇමතිතුමා කතාවෙදිත් නම කියලම කියනවා කොහොමද එයා ඉන්ධන පාවිචච් කළේ වාහන පාවිච්චි කළේ වරප්‍රාසාද පාවිච්චි කළේ කියලා. ඒ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණ වරප්‍රසාද පාවිච්චි කරලා හෙදියො රට යවන්නත් මැදිහත් වෙලා තියනවා.
ඒ ඔක්කොම කරන අතරේ මේ කරන්නේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. මේක හෙද හෙදියන්ට යහපතක් කරන්න නෙමෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් හැටියට පත්වීමක් ලබාගෙන පාර්ලිමේන්තුවට දවස් හතක් පමණක් ඇවිත් වාහන පර්මිට් එකත් ගත්තු ඒ පුද්ගලයගෙ නම කියන්නවත් ඕන නෑ. තේරුමක් නෑ.
තුන්සිය පනහක් වන හෙද හෙදියන්ට කියන්නේ. මේ තමන්ට තියන වරප්‍රසාද කප්පාදු වීම නිසා ඇතිවුන කෝපයට ද්වේෂයට ඇතිවුන වේදනාව නිසා කරන වැඩක් විතරයි. මේ හතලිස් දාහට දැනෙන වැටුප් වැඩිවීමක් අප්‍රේල් මාසේ ලැබෙන බව සහතික වෙනවා.







