පසුගිය 19 වැනිදා ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ ඝාතනය කිරීමේ අපරාධය පසුපස සිටින තවත් සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකපිට මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් සහ මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදුකරයි.







