ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –
බුරවි සුළි කුණාටුවෙන් ත්‍රී කුණාමලය ප්‍රදේශයේ නිවාස හෝ දේපලවලට හානියක් සිදු කර නොතිබිණි.
මේ අවස්ථාව වනවිටත් උදම් රළ මට්ට්ම ඉහළ ගොස් සුුළු වර්ෂාපතනයයක් ලැබෙන නමුත් සැලකිය යුතු සිදුවීම් කිසිවක් වාර්තා වී නැත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් හදිසි ආපදා අවස්ථාවක් සඳහා මධ්‍යස්ථාන 242ක් සූදානම් කර තිබිණි. මුහුදුබඩ කලාපයේ පවුල් 245ක් අවතැන් කඳවුරු වෙත රැගෙන විත් සිටියේය. තවත් පවුල් 1819ක් කඳවුරු වලට නොපැමිණ සිය ඥාතීන්ගේ නිවාස වෙත ගොස් සිටියහ.







