-
චාමර සම්පත් පාර්ලිමේන්තුව හිනස්වමින් අගමැතිනියගෙන් අසයි….
ඉන්දියාවට ඩුබායිවලට සහ චීනයට රුපියල් මිලියන 1.8ට 11 දෙනෙක් සමග ජනාධිපතිවරයා ගිය විදිහ ප්රකාශ කරන්නැයි චාමර සම්පත් මන්ත්රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී අගමැතිනියගෙන් ඉල්ලා සිටියේය.
“මිලියන 500 -1000 වියදම් කරලා තියනවා තමයි. ඒක පිළිගන්නවා. හැබැයි 11 දෙනෙක් ලක්ෂ 18කින් රටවල් 03කට ගිය විදිහ අපටත් කියන්න. ජනාධිපති තුමාට කැඩුවේ බාගෙ ටිකට් ද?…”
චාමර සම්පත් ඇසුවේය. ඔහු කී කතාව සභාව සිනාවේ ගිලවනු ලැබීය.
” අගමැති තුමිය ඊයේ ලයිස්තුවක් කියැව්වා විදේශ ගමන් ගිය එව්වා.”
“අනික් ඒවා හරි. ජනාධිපති තුමා රටවල් තුනකට ගියාලු මිලියන 1.8 ට එකොළොස් දෙනෙක් එක් කරගෙන. හැබැයි අගමැති තුමිය බාගේ ටිකට් වලට ද දන්නේ නෑ. මොකද මිලියන 1.8කට කියන්නේ ලක්ෂ 18කට එකොළොස් දෙනෙක් යන්න බෑ.”
“ජනාධිපති තුමා පොඩ්ඩක් පොඩියි කොටයි හින්දා බාග ටිකට් කඩනව ද දන්නේ නෑ. මොකද මට නම් බාගෙ ටිකට්වලට යන්න බෑ. මම මහතයි.”
“චීනෙටයි ඉන්දියාවටයි ඩුබායිවලටයි 11 දෙනෙක් ලක්ෂ 18න් ගිය විදිහ අපට කියන්න. එච්චර ලාබෙට තියනවා නම් විපක්ෂ මන්ත්රීවරු ඔක්කොම ටික යමු මිලියන 1.8ට රටවල් තුනකට.”
“ඒක මරු. අනික් කට්ටිය ගිහින් මිලියන 500යි 1000යි. ඒක හරි. 33 වතාවයි. 20 වතාවයි. ඒක අපි පිළි ගන්නවා. ”
“හැබැයි මේ මිලියන 1.8ට ගිය විදිහ අපි දන්නේ නෑ. අපිට ඕක පොඩ්ඩක් කියලා දෙන්න. මන්ත්රීවරයා කීවේය. “







