මිනුවන්ගොඩ යාගොඩමුල්ල මාහේන සුසාන භූමියේ වළදා තිබී ටී 56 ගනි අවියක් මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී තිබේ.
ඊයේ මිනුවන්ගොඩ පත්අඬුවන හන්දියේ සිදුවූ වෙඩිතැබීමෙන් පසුව ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට පුද්ගලයෙකුගෙන් ලද ඔත්තුවක් මත සුසානභූමියේ වළදා තිබූ මෙම ගිනි අවිය, ජීව උණ්ඩ 23 සහ මැගසිනය සොයාගෙන ඇතත
යම්කිසි පාතාල කණ්ඩායමක් අපරාධයක් සඳහා යොදා ගැනීමට මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබන්නට ඇතැයි පොලිසිය පවසයි.
වැඩිදුර විමර්ශන බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්රධානත්වයෙන් පැවැත්වේ.







