සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජාතික ආරක්ෂාව අනතුරේ…” විපක්ෂයේ අලුත්ම කැම්පේන් එක ගැන ආණ්ඩුව කියයි!

by editor
පෙබරවාරි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට” ජාතික ආක්ෂාව අනතුරේ” කැම්පේන් එක කරගෙන යන්නේ විපක්ෂය බවත්, ජනාධිපතිවරයාත්, මහජන ආරක්ෂක ඇමතිවරයාත් ඉතාම පැහැදිලිව මේ අපරාධ කල්ලි අතර ගැටුම ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොවන බව පවසද්දී හැමදාම උදෑසන පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අවධානය ලබා ගැනීමට “ජාතික ආරක්ෂාව අනතුරේ ” පාඨය මතු කරන බවත් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

අද උදේ පාර්ලිමේන්තුවේ දීත් එක්වරම නැගී සිටි විපක්ෂ නායකවරයා පවතින තත්ත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත්, සංචාරකයින්ගේ පැමිණීමට එය බාධාවක් බවත් පවසමින් දීර්ඝ කතාවක් කිරීමට උත්සාහ කිරීමේ දී කථානායකවරයා දැඩි අවධාරණයකින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව තුළ පවතින සම්ප්‍රදාය ආරක්ෂා කරගෙන ප්‍රශ්න ඇසීම, විවාද කිරීම සිදුකළ යුතු බවය.

එම අවස්ථාවේ දී සභානායක බිමල් රත්නායක පෙන්වා දුන්නේ ඉතාම පැහැදිලි ලෙස පවතින තත්ත්වය සම්බන්ධව විවරණයක් කර තිබිය දී ඕනෑවටත් වඩා කතා කළ මාතෘකාවක් ජාතික ආරක්ෂාව අනතුරේ බව ප්‍රකාශ කරමින් යළි යළිත් හැමදාම උදෑසන මේ සභාවට මතුකරමින් ජනගත කිරීමට උත්සාහ කිරීමේ දේශපාලන භාවිතාවෙන් ඉවත් විය යුතු බවය.

පවතින තත්ත්වය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ පැහැදිලි කළේය.

“ජාතික ආරක්ෂාව අනතුරේ කියලා විපක්ෂය පැත්තෙන් කැම්පේන් එකක් දියත් වෙමින් තියනවා. හැමදාම උදේ පාර්ලිමේන්තුවෙදි ජාතික ආරක්ෂාව අනතුරේ කියලා මතු කරමින් මාධ්‍යවලට වාර්තා කරන වැඩක විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්න බව පේනවා.”

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

“ඔවුන් කියනවා රටේ ජාතික ආරක්ෂාවක් නෑ. ඒක නිසා සංචාරකයන්ට පැමිණීම ප්‍රශ්නයක් තියනවා. ආයෝජකයින්ට ප්‍රශ්නයක් තියනවා වගේ දෙයක්. ඒ අය ඒක මතුකරමින් ඉන්නවා වගේ පේනවා.”

“අපි පැහැදිලිව කියලා තියනවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. අපි ඒ සම්බන්ධව ගත හැකි තීන්දු ගනිමින් ඉන්නවා.”

“ඇහුවානම් පහුගිය කාලයක නැගෙනහිර පළාතේ තැනක සිදුවුන ප්‍රශ්නය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනව ද කියලා… ඔව්. අපි ඒ වෙලාවෙදි ඒ සම්බන්ධව මැදිහත්වීම කළා. ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන ආකාරයට අපි කටයුතු කළා.”

“නමුත් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන ගැටුමක්. අපේ රටේ උසාවි භූමියක් තුළ ඝාතනය වුන පළමුවැනියා මොහු නොවෙයි. අධි ආරක්ෂිත කලාප තුළදී මීට කලින් සමහර අය ඝාතනය වෙලා තියනවා.
මේ සිද්ධිය සම්බන්ධව අප විමර්ශන කරගෙන යනවා. ”

“ඔබට පේනවා ඇති මේ ජාලය මොනතරම් මුල් විහිදිලා තියනව ද කියලා. දැනටමත් පොලිිසයේ කීප දෙනෙක් අත් අඩංගුවට අරගෙන තියනවා. ප්‍රශ්න කිරීම් කරගෙන යනවා. ප්‍රශ්න කිරීම් අධිකරණය දක්වා ගිහින් තියෙන්නේ. මේකට අදාල සියලු විමර්ශන කරමින් තියනවා. දුරකථන විශ්ලේෂණ කරනවා. එතනදි දේශපාලන සම්බන්ධතා හෙළිදරවු වේවි විමර්ශනවල හැටියට. ඒක මට දැන් කියන්න බෑ. ඒ හෙලිදරවුවන අයගේ නම් සුදුසු අවස්ථාවේ දි දැනගන්න ලැබේවි. අප මේක කීයටවත් ලඝු කොට සලකන්නේ නෑ. ”

“ජාතික ආරක්ෂාව අනතුරේ කියමින් සමහර කණ්ඩායම් දැන් නැගී සිටීමට උත්සාහ කරන්නේ රටට තියන ආදරයට නෙමෙයි. වෙන දේශපාලන අරමුණකින්. මෙච්චරකල් ජනතාවට බයේ හැංගිලා හිටපු සෙට් එක දැන් එළියට බහින්න පටන් අරන් තියනවා ජාතික ආරක්ෂාවට මුවා වෙලා. අපි කියන්න කැමතියි මේ පාතාල සිදුවීම් සම්බන්ධව නීතිය උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝහිණී නලීන් හේවගේ ගෙන් ගේම ඉල්ලයි…

Next Post

ජනපති යුද හමුදා ප්‍රධානීන් කැඳවයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.