විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ආරක්ෂාව ඉල්ලා ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව පිළිබඳ ඇති තර්ජන පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී ඇති බවය.
ඒ සම්බන්ධව කරන තක්සේරුවෙන් අනතුරුව අවශ්‍යනම් පමණක් ආරක්ෂාව ලබා දෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය.
සිය ආරක්ෂාව අඩු කර ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය දා ආණ්ඩුවට චෝදනා කළේය. තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කළේය.
කෙසේ වෙත්ත එවැනි ආරක්ෂාවක් ලබා නොදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.







