වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ලැබෙන පළමු වාහන කාණ්ඩයේ බ්රෑන්ඩ් නිව් ඉන්දීය යතුරුපැදියක මිල ලක්ෂ 10කට ආසන්නයේ සිට පහළ මිල ගණන්වලට තක්සේරු කර තිබේ.
ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ නිවේදනය කරන අකාරයට බ්රෑන්ඩ් නිව් Pulsar N160 ඛාණ්ඩයේ යතුරුපැදියක මිල රු. නව ලක්ෂ තිස් හතර දහස් නවසිය පනහ (9,34,950)කි.
බ්රෑන්ඩ් නිව් Discover 125 DRL යතුරුපැදියක මිල රුපියල් හත් ලක්ෂ තිස් එක් දහස් නවසිය පනහ ( 7,31,950 )කි.
නවතම CT 100 ES යතුරුපැදියක මිල රුපියල් හය ලක්ෂ තිස් හත් දහස් නවසිය පනහ (6,37,950) කි.







