ගණේමුල්ල සංජීවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව දැනට සැඟව සිටින ප්රධාන සැකකාරියවන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ සමග දුරකථනය ඔස්සේ සංවාදයක යෙදී ඇති බවට කරුණු හෙළිදරවු වුන පොලිස් නිලධාරියෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පොලිස් නිලධාරියා මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ උසාවි රාජකාරි කරනු ලබන අයෙකි.
25 හැවිරිදි මෙම තැනැත්තා පාදෙනිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
මූලික ප්රකාශ සටහන්කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට එම පොලිස් පුද්ගලයා මේ වනවිට ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත.







