රාජ්‍ය සේවයේ පුරප්පාඩු 4987ක් අතුරින් පුරප්පාඩු 2003ක් පිරවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම පුරප්පාඩු අමාත්‍යාංශ 11ක් සහ පළාත් සභා 05ක් තුළ පැවති තිබිණි.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනා කරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාවේ නිරදේශ අනුව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනී අමරසුරිය විසින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.







