මීනගයා දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල වූ වන අලින් දෙදෙනාට ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කිරීම අරඹා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ තුවාල ලබා ඇත්තේ වැඩිහිටි කෙනෙරක් සහ අලි පැටවෙක් බවය.
වනජීවී දෙපාර්තමේන්තුව අනුව මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර 140 වැනි කිලෝමීටර කණුව අසලදී වන අලි 07ක රංචුවක් දුම්රියේ ගැටී ඇත.
වන අලි රංචුවේ පැටවුන් 04ක් සහ කෙනෙරන් 03ක් සිට ඇත. අතර ඉන් අලි පැටවු 03ක්, සහ වැඩිහිටි කෙනෙරන් 2ක් වශයෙන් වන අලි 05 දෙනෙක් මිය ගොස් ඇත. මුලින් වාර්තාවන්නේ වන අලි 06 දෙනෙක් මිය ගිය බවකි.
සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.








