ශ්‍රියානි විජේසිංහ –
මෙවර ඉදිරිපත් වූ අයවැයෙන් සිදු වූ වැටුප් සංශෝධනය පිළිබඳව අපැහැදිලි තැන් ගණනාවක්ම තිබෙන බවත් එය පැහැදිලි කර ගැනීමට ලබන 21 වන සිකුරාදා සංගමයේ මධ්යමකාරසභාවේ වැටුප් පිළිබඳ විශේෂඥ කමිටුව කැඳවීමට තීරණය කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව කැඳවා සිදුකළ සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
වෛද්‍යවරුන්ගේ , විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුපට, දීමනාවන්ට අතිරේක රාජකාරී දීමනාවලට කුමක් සිදුව තිබෙන්නේද, වැටුප් අනුපාතවල විෂමතාවක් ඇතිව තිබෙනවාද? යන්න පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කරන අතර මෙහිදී වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට ගන්නා තීන්දු තීරණයන් මොනවාද? ගැටලුකාරී තත්ත්වය පැහැදිලි කර ගනිමින් එයට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද යන්න පිලිබඳව සහ ඉන් එහාට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිලිබඳව අවසන් තීන්දු තීරණයන් රටට හෙළිකරන බව හෙතෙම පවසයි.
මෙම අයවැය හරහා රටතුළ වෛද්‍යවරුන් රඳවා ගැනීමේ වැඩපිළිවෙළ අතිශයින්ම වැදගත් බැවින් වැටුප් සංශෝධනයේදී දැනෙන්න වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව සංගමය දිගින් දිගටම ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා දිගින් දිගටම වෛද්‍යවරුන් රැකගත යුතු බව ඔහුගේ කථාවන්ගෙන් ප්‍රකාශ වූ බවත් පෙන්වා දෙන වෛද්‍ය චමිල් අයවැයක් මගින් කිසිදු ක්ෂේත්රයක වැටුප් අඩුවීමක් සිදු නොවන සාම්ප්‍රදායක් තිබනෙ බවද පෙන්වා දෙයි.







