එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට පත්කළ කමිටුවෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.
තිස්ස අත්තනායක විසින් මින් පෙර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ගොඩනැගෙමින් ඇති සාකච්ඡා සම්බන්ධව බරපතල විවේචනයක් කරමින් ප්රකාශ කළේ පක්ෂයට අදාළව ගනු ලබන වැදගත් තීරණ කිසිවක් පක්ෂයේ ප්රධාන තනතුරු නියෝජනය කරන කිසිවෙකු හෝ නොදන්නා බවය.
පසුගියදා මී මැස්සෝ යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්රකාශ කළේ මේ තත්වය දිගින් දිගටම පැවතිය හොත් පක්ෂයේ පිරිසක් පක්ෂයෙන් ඉවත්ව යාමේ අවධානමක් ඇති බවය.
මෙම සාකච්ඡා පැවැත්වෙන ආකාරය සම්බන්ධව ආචාර්ය හර්ෂ ද සිල්වාත් පසුගිය දිනෙක සිය කනස්සල්ල ප්රකාශ කළේය. මේ සිදුවන්නේ කුමක්දැයි තමන් කිසිවක් නොදන්නා බවත් තමන් එම කමිටුවකට හෝ පත්කර නොමැති බවත් ඔහු කීවේය.







