බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදානි හුටපටය ගැන බීබිසී කියන කතාව…

by editor
පෙබරවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බිබීසී –

සුළං විදුලි බලාගාර පද්ධතියක් මන්නාරමේ ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව ඉන්දියාවේ අදානි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට එම සමාගම නිල වශයෙන් දැනුම් දීම සිදු කර තිබිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජනයක් වූ එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් රජය විසින් නැවත වතාවක් සලකා බැලීම සඳහා කමිටු පත් කරනු ලැබීම හේතුවෙන් මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි සමාගම සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

අදානි සමාගම යොමු කර ඇති ලිපියේ අඩංගු කරුණු මොනවා ද?

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් බොහෝමයක් ලැබී තිබුණත් පරිසර නිෂ්කාශන වාර්තා ලැබීම ප්‍රමාද වෙමින් ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබීමත් හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයන් මත මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවත් අදානි සමාගම දැනුම් දී තිබේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ පාර්ශව සමග පසුගිය වසර දෙකක කාලයක් පුරා සාකච්ඡා කරමින් සිටි බව ද එම ලිපියේ දැක්වේ. මෙගාවොට් 484 ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද කමිටු සමග සාකච්ඡා වට 14කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවත්, එහිදී විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්, තීරුබදු සහන සඳහා අනුමැතිය ලබා ගැනීම මෙන් ම බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධයෙන්වන සියලු කාරණා සම්පූර්ණ කළ බවත් අදානි ග්‍රීන් සමාගම සිය ලිපියෙන් සඳහන් කර ඇත.

මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන්වන සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළු කටයුතු සඳහාවන පූර්ව සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 5කට ආසන්න මුදලක් වැය කර ඇති බව එම සමාගම පවසයි.

සිය සමාගමේ විධායක නිලධාරීන් බලශක්ති අමාත්‍යංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා සිදුකළ බවත්, ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව සහ ව්‍යාපෘති කමිටුවක් නැවත පිහිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතීන්ට ගරු කරමින් එම ව්‍යාපෘතියෙන් ඉවත් වීමට සිය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළ බවත් අදානි ග්‍රීන් සමාගම නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමවිට ම තම සමාගම පෙනී සිටින බවත්, ලංකා රජය විසින් නැවතත් සංවර්ධන අවස්ථාවක් සඳහා සිදුකරන ඇරයුම් භාර ගැනීමට සූදානම් බවත් එම සමාගමේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

‘අපිට තව ම නිල වශයෙන් දැනුම් දීලා නැහැ’

අදානි ග්‍රීන් සමාගම මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මෙතෙක් බලශක්ති අමාත්‍යංශයට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැති බව එහි ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල බීබීසී සිංහල සේවය වෙත ඊයේ (13) පවසා තිබිණි.

“අපිට දැනුම් දීමක් කරලා නැහැ. අදානි සමාගම මේ ලිපිය යොමු කරලා තියෙන්නේ BOI එකට. මමත් ඒ ලියුම දැක්කා. ඒක BOI එකට යවලා තියෙන්නේ. එක්කෝ BOI එකෙන් අපිට දැනුම් දෙන්න ඕන, නැත්නම් එයාලා අපිට දැනුම් දෙන්න ඕන. තව ම අපිට මේ ගැන නිල වශයෙන් මුකුත් කියන්න බැහැ,” අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ ය.

‘දෙරට අතර සබඳතාවයන්ට මේකෙන් බාධාවක් නැහැ’

මේ අතර, නම හෙළි කිරීමට අකමැති රජයේ තවත් නිලධාරියෙකු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අදානි ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට සූදානම් වෙමින් තිබියදී ඔවුන් ඉන් ඉවත්ව යාම ඔවුන්ගේ තීරණයක් බවත් ඉන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින සබඳතාවයන්ට බලපෑමක් ඇති නොකරනු ඇති බවත් ය.

“රටට එන ඕනෑ ම ආයෝජකයෙක් අපි පිළිගන්නවා. ඒකනේ අපිත් රටක් හැටියට කරන්න ඕන. මේ සිදුවීමේදී අලුත් රජයේ විනිවිදභාවයත් එක්ක මේ ගිවිසුම්වල මොනයම් හෝ වාසියක් තියෙනව නම් ඒක රටට ලැබෙන්න ඕන. ආයෝජකයාටත් සාධාරණ ලාභයක් ලැබෙන්න ඕන වගේ ම රටටත් ඒ වාසිය ලැබෙන්න ඕන.”

“කියන ගණන්වලට මිල කරන්න බැහැනේ. සමහර වෙලාවට හොඳ මිල ගණන් ලැබෙනවා. ඒවා ගැන සාකච්ඡා කරන්න ඕන. නමුත් එහෙම තියෙද්දී ඒ අය එහෙම තීරණයක් ගත්ත එක ඒ අයගේ වැඩක්. මේ තීන්දුව අදානි සමාගමේ මෙරට තියෙන වෙන ඉන්වෙස්මන්ට්වලට හෝ ඉන්දියාව සමග තියෙන සබඳතාවයන්ට බලපෑමක් එල්ල කරන්නේ නැහැ,” එම නිලධාරියා පැවසුවේ ය.

අදානි ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන මොනවා ද?

අදානි සමාගම මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගත විය.

ඊට අමතරව, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග 2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ගිවිසුම් අත්සන් කළේ ය.

එමගින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදු කෙරිණි.

කෙසේ වෙතත්, අදානි සමාගම සමග ඇති කර ගත් ගිවිසුම නව රජය බලයට පත්වීමෙන් පසු අත්හිටුවා ඇති අතර, එය සමාලෝචනය කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අනාවරණය කළේ ය.

අදානි විදුලි ව්‍යාපෘතියට එරෙහිව එල්ලවූ විරෝධතා

එවකට සිටි කැබිනට් මණ්ඩලය විසින් අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ ටෙන්ඩරය අනුමත කරනු ලැබුවේ, ඒ පිළිබඳව මෙරට පරිසරවේදීන් ඇතුළු පාර්ශව ගණනාවක් එල්ල කළ විරෝධතාව මධ්‍යයේ ය.

පරිසරවේදීන් විසින් මතු කරන ලද ප්‍රධාන චෝදනාව වූයේ, සෑම වර්ෂයක ම මෙරටට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට මෙය බාධාවක් වන බවය.

රටවල් 30කින් සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන අතර එලෙස පැමිණෙන කුරුල්ලන් මිලියන 15ක් පමණ වසරකට ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකාවට සංක්‍රමණික කුරුල්ලන් ඇතුළු වන ප්‍රධාන මාර්ගයක් වන්නේ මන්නාරම යි.

ඊට අමතරව උතුරු පළාතට අයත් මන්නාරම දූපත යනු, ධීවර ප්‍රජාව ජීවත් වෙන, ඊට ම අවේණික වූ සුවිශේෂී පරිසර පද්ධතියකින් සමන්විත ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා බැඳුණු, කලාපයේ භූ දේශපාලනික වශයෙන් ද ඉතා සංවේදී ප්‍රදේශයක් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමා මන්ත්‍රීගේ රථයට යතුරුපැදිකරුවෙක් බිලි… රියදුරු ලෙස කටයුතුකළ මන්ත්‍රී සොයුරා අත් අඩංගුවට…

Next Post

අම්පිටියේ සුමනරතන හිමි කළු ඇඳගෙන විරෝධයක…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.