සැලසුම් කළ විදුලිය කප්පාදුවක් හෙට දිනයේ සිද්ධ වෙනවාද නැද්ද යන්න පිළිබඳවන හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමරත්න පවසන්නේ ඒ පිළිබඳව තව දුරටත් අධ්‍යයනයක කරමින් පවතින බවය.
විදුලි ඉල්ලුම පිළිබඳ සිදුකරන සමාලෝචනයෙන් අනතුරුව අද දිනයේ විදුලිය කප්පාදුවක් සිදුවූයේ නැත. අක්‍රීයවී ඇති නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුන මේ වනවිටත් යථා තත්ත්වයට පත් වී නැති අතර එමගින් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගා වොට් 900කට ආසන්නය.
මේ වනවිට ජල විදුලිය ඉපදවීම සියයට 30ක මට්ටමක පවතින බව විදුලි බල මණ්ඩලය පවසයි. පවතින ජලය කළමනාකරණය කරගනිමින් විදුලි සැපයුම කළමනාකරණය කරගන්නා බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ







