බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිදියගම සිංහ පැටවුන්ට නම් දමයි… නම් දුන් ඇත්තන්ද කැඳවා උත්සව කරයි…

by editor
පෙබරවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව- නුවන් ජයසේකර-

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේදී මීට මාස තුනකට පෙර උපන් සිංහ පැටවුන් තිදෙනෙකු සඳහා නම් තැබීම හා ඔවුන් මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීම සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී.රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12)පෙරවරුවේ සිදු කෙරුණි.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි ලාරා සහ ඩෝරා නැමති (අම්මයි දුවයි) සිංහ ධේනුවන් දෙදෙනා විසින් සිංහ පැටවුන් හය දෙනුකු බිහිකළ අතර ඔවුන් සඳහා නම් තැබීමට පෙර එම සතුන් සඳහා නම් යෝජනා කිරීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ජනතාවට අවස්ථාව ලබා දීමට කටයුතු කෙරුණි.

ඒ අනුව ජනතාව විසින් මුහුණුපොත හරහා මෙම සතුන් සඳහා නම් 4000ක පමණ ප්‍රමාණයක් යෝජනා කර තිබුණි. එම යෝජනා කර තිබූ නම් වලින් නම් හයක් පමණක් තෝරා ගැනීම සිදු කිරීමෙන් අනතුරුව සිංහ පැටවුන් සදහා නම් තැබීම සිදු කෙරුණි.

නම් දුන් ඇත්තන් සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී.රාජපක්ෂ සමග…

සිංහ පැටවුන් හය දෙනා අතර සිටි පිරිමි සිංහ පැටවාට මේඝ ලෙස නම් තැබුණි.එම නම යෝජනා කර තිබුනේ ගාල්ල,බඩල්ගම පදිංචි කේ.උතුම් ඉදුවර විසිනි. ගැහැණු පැටවුන් පස් දෙනා සදහා පිළිවෙළින් ටාරා, අඝ්‍රා, භූමි,අකීරා හා එල්සා ලෙස නම් තැබුණි .එම නම් යෝජනා කර තිබුණේ දැරණියගල පදිංචි අහිංසා රුක්ෂානි, නේමින්දි දෙහංසා, නිශ්‍රීතා එගොඩගෙදර , පානදුර පදිංචි දිලීෂා සරණමාන හා බිංගිරිය පදිංචි දිලීප නිර්මාල් යන අය විසිනි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මෙම නම් තැබීමේ අවස්ථාවට මෙම සිංහ පැටවුන් සඳහා නම් යෝජනා කළ පිරිසක්ද එක්ව සිටි අතර යෝජනා වී තිබූ නම් අතරින් තෝරාගත් නම් හයෙන් නම් නම් තුනක් යෝජනා කළ තිදෙනෙකුද එම අවස්ථාවට එකව සිටියහ. ඔවුන් සඳහා තිළිණ ප්‍රදානයක්ද සිදු කෙරුණි.

මෙම සිංහ පැටවුන් හය දෙනා සඳහා නම් යෝජනා කළ පිරිස සඳහා පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සමග රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර දීමටද සත්වෝද්‍යානය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ නම් තැබුණු සිංහ පැටවුන් මහජන ප්‍රදර්ශනයට එක කිරීමද මෙහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාව සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත, රිදියගම සෆාරි උද්‍යානයේ පාලක(සත්ව) ඒ.ඩබ්ලිව්.අමිල චානක, ස්ථාන බාර පශුවෛද්‍ය නිළධාරී නදුන් කලුආරච්චි , ජ්‍යේෂ්ඨ පාලක පද්මාල් පෙරේරා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෑම සතොස අලෙවි සලකටම ධීවර සංස්ථාවේ මත්ස්‍ය අලෙවි කුටියක්…

Next Post

අපේ හදවත් ගැහෙන රාවයේ ඇත්තේ එකට එක් වී ලෝකය ගොඩනැගීම සඳහා කරන ආයාචනයයි… 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් ජනපති පවසයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.