ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අද (11) අලුයම 6ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග කියා සිටියේය.
මෙම සිද්ධිය 2024 වර්ෂයේ දී සිදුවූ අතර ඊට අදාළව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන නියෝගයක් ද නිකුත් කර තිබුණි.
ඒ අනුව ඩෑන් ප්‍රියසාද්ව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතයි. (දෙරණ)







