සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති සුනිල් සෙනවි සීඅයිඩී යයි…

by editor
පෙබරවාරි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

  • අමූලික බොරු කියන අශිෂ්ඨ සමාජ මාධ්‍යය පුද්ගලයින්ට කරන්නේ හරවා ගත නොහැකි අපරාධයක්… ඇමති අපරාධකරුවන්ට නියත  දඬුවම් ඉල්ලයි!

තමන්ගේ නම සම්බන්ධ කරගෙන සිය ගජ මිතුරෙක් තම දේශපාලන රැකවරණය සහිත නීති විරෝධීව සිංහරාජ පිවිසුමේ හොර මැණික් පතල් කැනීමක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන් පලවෙමින් ඇති පුවත සපුරා අසත්‍යයක් බවත් මේ අමූලික බොරුව සමාජගත කළ අපරාධකාරී  සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිම ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් දන්වා බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ඇමති හිනිදුම සුනිල් සෙනවි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මේ සම්බන්ධව වැඩිදුරතට අදහස් දැක්වූ අමාත්‍යවරයා දිනමිණ පුවත්පතට පවසා තිබුණේ තමන්ට මෙවැනි ව්‍යාපාරික මිතුරෙක් නොමැති බවය.

‘මේ කියන විදිහේ ව්‍යාපාරික මිතුරෙක් මට නැහැ. සුනන්ද දීපාල් කියලා හඳුන්වාදී ඇති පුද්ගලයා මා දුරට දැකලා තියෙන්නේ එකම එක දවසක් පමණයි. ඔහු සමඟ වචනයක් හෝ කතා කර තිබේ නම් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මම ඔහුගේ දුරකථන අංකය සොයාගෙන කරපු කරුණු පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් විතරයි.”

“ඔහු මගේ ව්‍යාපාරික මිතුරෙක් හෝ වෙනත් මිතුරෙක් නොවන බව කිව යුතුයි. මේ අසත්‍ය චෝදනාව පදනම් කරගෙන සමාජ මාධ්‍යවල ඉතා දරුණු විදිහට තීව්‍ර විදියට පෝස්ටු හැදෙනවා. මම මේ ගැන අනාවරණය කළ යුතුයි. පෞද්ගලිකව මටත් අපේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් බරපතළ හානියක් අපකීර්තියක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මා විසින් පොලිස් පරිගණක විමර්ශන අංශය සමාජ මාධ්‍ය ඒකකයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.”

“නිශ්චිත විදියට මේ තොරතුරු පළ කරපු, මේ අපකීර්තිය වගා කරලා පහත් භාෂාවෙන් සිරස්තල හදලා වර්ධනය කරපු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා හිටියා. ඉතා පැහැදිලිව මේ පිළිබඳ සාධාරණ සොයා බැලීමක් කරලා, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා මේ අසත්‍යය අභූත චෝදනාව නැගූ සියලු දෙනාට නීතියෙන් පිළිතුරු ලබාදෙනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය අධිකරණයක් බවට පත්වෙලා.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“සමාජ මාධ්‍යයේ නිරත වෙලා ඉන්න ආදරණීය සියලු මිතුරු මිතුරියන් මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලීම කරනවා. ඔබ යම් පුද්ගලයෙක් පිළිබඳ ආයතනයක් පිළිබඳ යම් තොරතුරක් හෙළි කරනවා නම් ඒ තොරතුරේ සත්‍යය සොයා ගත යුතුයි.”

“ඔබ පළ කරන ප්‍රවෘත්තිය මතුපිටින් බැලුවත් විමර්ශනය කරලා බැලුවත් දුෂ්ට චේතනාවක් අශිෂ්ට බලාපොරොත්තුවක් තිබේ නම් එය බරපතළ වරදක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි. ”

“සමාජ මාධ්‍යයෙන් තොරතුරු දැන ගැනීමේ නිදහස අගය කරනවා. ඒ වුණාට වටහාගන්නට ඕනේ මොහොතින් මොහොත එය වර්ධනය කරලා යන පිළිවෙළ අනුව පුද්ගලයන්ට සහ ආයතනවලට නැවත පෙරලා සකස් කරගත නොහැකි මට්ටමේ අපරාධයක් සිද්ධ වෙන බව. මේ රටේ අමාත්‍යවරයෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් එබඳු අශිෂ්ට මාධ්‍යකරණයක නිරත වෙන්න එපා කියලා කරුණාකරලා ඉල්ලා සිටිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියේ තවත් ඉහළ පුටු 04ක් සෙලවෙයි!

Next Post

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් කර නොගත්තොත්  ඉදිරි දින කිහිපය තුළ කන්කසන්තුරේ තිස්ස විහාරය බිඳ දමන බව ශ්‍රී ධරන් අනතුරු අඟවයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.