මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව හබරණ ප්රධාන මාර්ගයේ, මින්නේරිය දේවාලය ආසන්නයේදී අද ( 29 ) දහවල් පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් 16 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව සහ මින්නේරිය රෝහලට ඇතුළත් කර බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
කොළඹ ප්රදේශයේ සිට දෙහිඅත්තකන්ඩිය ප්රදේශයේ අවමංගල කටයුත්තක් සඳහා පෞද්ගලික බස් රථයකින් යමින් සිටි පිරිසක් බදුල්ලේ සිට යාපනය දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොළොන්නරුව රෝහල් ප්රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
ලංගම බස් රථයේ සහ පෞද්ගලික බස් රථයේ පැමිණි අයවලුන් මෙලෙස සුළු තුවාල ඇති අතර සිද්ධියට හේතුව අධික වේගයෙන් සහ නොසැලිකිළිමත්ව රිය ධාවනය බව සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.








