සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනස් ඇඳුම් ඇඳගෙන ඔයාලා නටන්නෙත් පරණ වන්නම ද?….

by editor
ජනවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාලිමාවේ බිම් මට්ටම හෙලවිලා දැයි මිනිස්සු විමසමින් සිටිති. පසුගිය දා පැවති සමුපකාර ඡන්දයේ කොට්ඨාස කීපයක්ම මාලිමාව පරාදය. බලටි ගසාගෙන දිනු හෝමාගම කඩාගෙන වැටෙන අයුරු කීවේය. මාලිමාව සහ වෙනත් කණ්ඩායම් එක්ව සම ජයග්‍රහණ ලබාගෙන තිබිණි. කැලණිය සහ බියගම ද එජාපය, පොදු පෙරමුණ, සබ ආදී පක්ෂ එකතුව ස්වාධීන කණ්ඩායම් ලෙස තරග කර ජය ගෙන ඇත.

මහ මැතිවරණයේ දී හෝමාගම ඡන්ද ප්‍රතිඵලය ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කළ එකකි. අවිස්සාවේල්ලත් එසේය.  මහ ඡන්දයට මාස කීපයකට දෙකකින් පසු බිම්මට්ටමේ ජනමතය සම්බන්ධ සැලකිය යුතු ප්‍රකාශනයක් වු සමුපකාර ඡන්දයෙන් අත් වී ඇති ඉරණම පිළිබඳ හරිනම් මේ වනවිට ආණ්ඩුව තිගැස්වී සිටිය යුතුය.

පසුගිය කාලය පුරාම අප දුටුවේ මාලිමාව ලැබු සමුපකාර පරාජය පෙරළියක ඇරඹුමක් ලෙස සමාජ විද්වතුන් මාධ්‍ය ජාල තුළ අර්තකථනය කරන ආකාරය ය. එය බිම්තලයේ දේශපාලන විචලනයෙහි ප්‍රකාශනයක් ලෙස එළියට පැමිණ ඇති ආකාරය ය. ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට පෙර පැවති සමූපකාර ඡන්ද විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමත්, ඉන් මාස දෙකකට පසු කුජීත ලෙස පැරදීමත් සම්බන්ධව ස්වයං විවේචනයක් ආණ්ඩුවට අවශ්‍යය. එය වැඩි බරකින් සිදුවිය යුතු දෙයකි. කුසගින්න වේලාසනම කතා කරන්නට පටන් ගෙන ඇති බව පෙනේ. ඒ හඬ මහා ව්‍යසනකාරී වේදනාවන් හැදීමට සමත්ය. අපේ අත්දැකීම එයය.

මේ වනවිට මුදල් යොදා යෙදවු සමාජ මාධ්‍ය කණ්ඩායම් ආණ්ඩුව පිළිබඳ ක්ෂුද්‍ර ගවේෂණයක යෙදෙමින් තීව්‍ර ප්‍රහාරයක් එල්ලකරමින් සිටිති.  අපූරුම කෑල්ල වන්නේ උන්ට  තමන්ට පදුරු යන්නට ගැසීම සඳහා පිච් එක හදා දි ආණ්ඩුව පිත්තට බෝලය දැමීමය.

ආණ්ඩුවේ උද්දච්ච හැසිරීම ගැන චෝදනා එල්ල වෙමින් ඇත. බොහෝ මැති ඇමතිවරු සිය දේශපාලන වෘත්තීය සමිති හරහා ආයතන මෙහෙයවන්නට ගොස් අප්‍රසාදයට ලක්වන ආකාරය දකිමින් හිඳිමු. ස්වකීය ගොට්ටන් ඇතැම් තනතුරුවලට පත් කිරීමේ දී බොහෝ වැදගත් කොන්දේසියක් නොසලකා හැර ඇති ආකාරය පිළිබඳවත් ඔවුන්ගේ වැඩ බැරි ස්වරූප පිළිබඳවත් විවේචන ඇසේ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජනතාව වෙනස් බව කීවේ අනුර සහෝදරයා ය. වෙනස් වුන ජනතාව අනුර ඇතුළු මාලිමා ආණ්ඩුව බලයට ගෙනාවේය. එහෙත් දැන් රටට පෙනෙන්නේ මේ ඇත්තන් ගහන්නට පටන් අරන් ඇත්තේත් පරණ බල්ටිය. අවුරුදු 10කට පෙර ගොනු කළ චෝදනාවකට අදාල විමර්ශනයක් සදහා අනුර යාපා මහ රෑ නිවසට ඇවිත් අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය. පහුවදා ඇප ලැබුනේය.

එළියට පැමිණි අනුර යාපා කිව්වේ අවුරුදු 10ක් තිස්සේ පැවති විමර්ශන ක්‍රියාවලිය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන ලෙස දැනුම් දුන්නා නම් තමන් කවදාවත් නෑවිත් නොඉන්නා බව හොඳටම දැනගෙන මහ රෑ අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය පසුපස ඇති ප්‍රකාශනය කුමක් ද යන්නය.

යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ සිද්ධියත් එසේය. සති අන්තයේ අත් අඩංගුවට ගන්නේය. දින දෙක්ක රිමාන්ඩ් කර තබා පසුදා ඇප ගන්නේය. නාමල් රාජපක්ෂ ඇවිත් පොලිසියට නෝන්ඩි නොවී ඉන්න ලෙස කීවේය. “අපරාදෙ බෙලි අත්තට හයිවේ ගියේ ඔයගොල්ලො… ආන්ඩුව කියන විදිහටම මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. එන්න කිව්ව නම් එනවනේ. මේවා අපට නුපුරුදු තැන් යෑ… ” ඩේසි ආච්චිගේ මැණික්මල්ලේ කතාවත් සහිතව ඇහෙන ප්‍රබල නඩුවක් මිනිස්සු ඉස්සරහා කොමිටල් වනවිට අනුර සහෝදරයා කී බුද්ධිමත් මිනිස්සු මොනවා නොහිතනු ඇතිදැයි අපට තේරෙන්නේ නැත.

එකින් එක සිද්ධි පෙළ ගැසීමෙන් ඇති ප්‍රයෝජනයක් නැත. සමූපාකාර ඡන්දයේ ඉඟිය මත ඉදිරි මැතිවරණවලදී ප්‍රායෝගික වනු ඇත. එක් විය හැකි සියලුම කණ්ඩායම් එකට එකතු වි තරග වැදීමට නියමිතය. මේ වනවිට ඒ වෙනුවෙන් සැලසුම් බිහිවන ආකාරය දේශපාලන ක්ෂේත්‍රය තුළ පෙනේ. සජ්බ, යූඑන්පීය, පොහොට්ටුව ඇතුළු සියලුම විපක්ෂ සුළු ජාතික කණ්ඩායම් එක්ව එක් පක්ෂයක් ලෙස තරග බිමට එන අනාගතයේ සැලැස්ම සමූපාකාර ඡන්ද ප්‍රතිඵලය සන් කර ඇත.

මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව පත් කරගත්තේ   ආතල් ගන්නට නොවේ. සාධාරණ තාර්කික හැසිරීම් සහිතව සියලුම ක්ෂේත්‍රවල පෙළගැස්මක් අපේක්ෂාවෙනි. ඒත් වෙනස් ඇඳුම් සහිව ඔබ මේ නටන්නට සූදානම් වෙන්නේ පරණ වන්නම ද?. එසේනම් අපට දුක හැමදාම අපේ රටේ හීන අහුලන මිනිස්සු ගැන විතරමය.

තක්ෂිලා –

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය තවම වී සඳහා සහතික මිල ප්‍රකාශ නොකළ හේතුව නියෝජ්‍ය ඇමති නාමල් කියයි!

Next Post

යෝෂිතට ඇප දුන්නේ ඇයි?… අධිකරණ ඇමති හේතුව කියයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.