සූරියවැව නුවන් ජයසේකර –
ඊයේ (22) සවස අම්බලන්තොට දී සිදුවූ වෙඩි තැබීමට මුල් වී ඇත්තේ දෙපාර්ශවයක් අතර කලක සිට පවතින පුද්ගලික ආරවුලක් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
වාහනයකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් මාර්ගයේ ගවයින් දක්කාගෙන යමින් සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුවද සිද්ධියෙන් ඉලක්කගත පුද්ගලයාට හානියක් වී තිබුණේ නැත.
වෙඩික්කරුගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ අම්බලන්තොට පොලිස් වසමේ කොග්ගල්ල,පහළගම, 04 කණුව පදිංචි තෙන්නකෝන් ගමගේ රොෂාන් නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම වෙඩි තැබිම සිදුකර ඇත්තේද ප්රදේශයේ පදිංචි කඩවර ඉෂාර නැමැත්තා විසින් බවට මේ වන විට සිදුකර ඇති මුලික පොලිස් පරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.
දෙපාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබිමට හේතුව වී ඇතැයි විමර්ශන අංශ කියයි. 2023.07.19 වන දින උතුරු කඩවර, කොග්ගල්ල ලිපිනයේ පදිංචිව සිටි වෙඩික්කරුගේ මාමණ්ඩිය වු 62 හැවිරිදි අමරකෝන් කංකානම්ගේ සිරිපාල නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත්තේ වෙඩික්කරුගේ ඉල්ලකය බවට පත්වූ තෙන්නකෝන් ගමගේ රොෂාන් නැමැත්තාටය.
එම ඝාතනයට පළි ගැනීමක් ලෙස මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. වෙඩිතැබීම සිදුකර ඇත්තේ අම්බලන්තොට පොලිස් වසමේ, කොග්ගල්ල හංදිය අසල කඩවර සපත්තු පාලම අසලදී රාත්රි 07ට පමණය.
කඩවර ඉෂාර නැමැත්තා විසින් මිට පෙරද සිය මාමාණ්ඩිය ඝාතන චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයාව රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි. ඒ 2024.12.29 දිනය. එහිදීද ඔහු ජිවිතය බේරාගෙන තිබේ.
ඊයේ සිදුකළ වෙඩි තැබීම සදහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







